
(යොහාන් භාසුර)
වර්තමානයේ රටතුළ පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතා කරන්නන් වඩාත් කල්පනාකාරී වියයුතු බවත් භූගත ජලය භාවිත කිරීමේදී රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ යම් වෙනසක් පවතී නම් එම ජල සාම්පල පරීක්ෂා කරගත යුතු බවත් ජල සම්පත් මණ්ඩලය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ සහ සංවර්ධන) ආර්. එම්. එස්. රත්නායක මහතා පැවසීය.
භූගත ජල මට්ටම අඩුවීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදුවිය හැකි බැවින් ජනතාවට මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු බව කී ඒ මහතා භූගත ජලයේ එවැනි වෙනසක් ඇත්නම් කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනයේ පිහිටි පරීක්ෂණාගාරවලින් ජනතාවට ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකි බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැකෝ යන්ත්‍ර යොදාගෙන මහා පරිමාණයේ කරන පතල් ව්‍යාපාර නිසා භූගත ජලය විශාල වශයෙන් නාස්ති වෙනවා. ඒකෙන් කවදා හෝ ලොකුම විනාශයක් වෙන්න පුළුවන් කියලා නූගත් අපිටත් තේරෙනවා. ඒත් කිසිවෙක් ඒ ගැන අවධානයට නොගන්නේ එයින් භූමියට හානියක් හා ජල සම්පතට හානියක් නොවන නිසාද කියලා අහන්න කැමැතියි. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් තිබෙන සමහර ප්‍රදේශවල මේ වනවිට බොන්නවත් වතුර නැහැ කියලා අහන්න ලැබුනේ එල්ලාවල ප්‍රදේශයේ හිතවත් අයෙක්ගෙන් තමයි...
හරි ශෝක්. ඊට වැඩිය හොඳ නැද්ද ඒ ඒ පළාත්වලට ගිහිල්ලා මේ දවස්වල ඒ පැත්තේ නැවතිලා මේ සාම්පල් පරික්ෂා කරන එක...?