IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි

(රෝහණ චන්ද්‍රදාස)

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හෙට  (11) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුරේ දී අද (10) සවස රැස් වූ එහි පාලක සභාව ගනු ලැබූ තීරණ දැනුම්දෙමින් පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණි.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම පාලක සභා රැස්වීම අනුරාධපුරේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ දී අද (10) සවස රැස්වී ගනු ලැබූ තීරණ අනුව සියලුම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ  භික්ෂු විශ්ව විද්‍යාලයීය පර්ශ්‍රයෙන් හා නේවාසිකාගාරවලින් හෙට (11) දහවල් 12ට පෙර ඉවත්විය යුතු බවට ද දැනුම් දුන්නේය.

භික්ෂු විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යය කනත්තේගොඩ සද්ධාරතන නාහිමියන්ගේ ක්‍රියා කලාපයන්‍ට එරෙහිව ශිෂ්‍ය භික්ෂූහු පසුගිය  07 වැනිදා සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නියැළෙති.

ශිෂ්‍ය භික්ෂූන්ගේ ක්‍රියා කලාපයන් ගිහියන් තරමටවත් නොගැළපෙතියි පාලක සභාව අවධාරණය කර සිටී.  ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් දස නමකගේ ශිෂ්‍යභාවය තහනම් කර ඇත්තේ විනය කමිටුවේ තීරණ මත බව ද ඒ සඳහා මහෝපාධ්‍යය හිමියන් කිසිදු බලපෑමක් ද කර නැති බවත් එවැනි තීරණ ගැනීමට ඒ හිමියන්ට භික්ෂු විශ්ව විද්‍යාල පනතින් ඉඩක් නැතැයි ද පාලක සභාව සඳහන් කරයි.



අදහස් (4)

භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි

ළයනල් සිල්වා Friday, 10 January 2025 05:48 PM

මාලිමාවට ජයවේවා…. ඕක වහලාම දාන්න. ලන්කාව දෙවියන්ගේ දේශයක් කරන ගමන වේගවත් කරමු

:       28       15

Janitha Friday, 10 January 2025 07:12 PM

දැන්නම් නිවට නියාලු තත්වය රටේ පවතින්නේ. ඇයි එක කණ්ඩායමකට විතරක් මෙවැනි දේවල් සිදුවන්නේ...?

:       7       15

sam Saturday, 11 January 2025 06:21 AM

ඔය සමහරක් ශිෂ්‍ය භික්ෂූන් හැසිරෙන්නේ මැරයින් වගේ. කොණ්ඩෙ වවාගෙන, රැවුල වවාගෙන... මේ ගොල්ලන්ව විනයානුකූල කරන්න. හැසිරෙන්න දන්නේ නැති අය ශාසනෙන් පන්නා දමන්න.

:       0       9

PRASANNA Saturday, 11 January 2025 03:04 PM

මේවා අස්සේ ඉන්නේ මාලිමාවේ අවතාර.., මොවුන්ට කිසිම විනයක් නැහැ. සත්තු වගේ හැසිරෙන්නේ...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site