
(නිමල කොඩිතුවක්කු)
මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත්තරමුල්ල සොබාදම් පියස ඉදිරිපිටදී අද (28) පිරිසක් විරෝධතාවයක නිරත විය.
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ඇතුළු මහා සංඝරත්නය, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.
“හොර ලයිෂන් දෙන හොර ඩීජීට එරෙහි නීතිය ක්‍රියාත්මක කරනු, මහවැලි ගග කෙලෙසූ දූෂිත නිලධාරීන් තවමත් නිදැල්ලේ, ඇමතිතුමනි ලේකම්තුමනි හොර සභාපතිට හොර ඩීජීට බයද, භූගත ජලය හා පරිසරය විනාශ විනාශකරමින් සිදුකරන මාදම්පේ සිලිකා වැලි ජාවාරම වහා නවතනු, පාලකයින් හා නිලධාරීන් කුණු වලට යට කළ මාදම්පේ ජීවිත යනාදී විරෝධතාපුවරු සහ බැනර් ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප : ගයාන් අමරසේකර)


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට
mewan Tuesday, 29 November 2022 04:09 AM
මෙච්චර භූ විද්‍යාඥයන් ලංකාවේ? නාය යාමක් වත් කලින් කියාගන්න බැ හැබය්