(සුජිත් හේවාජුලිගේ )

මෙරට බැංකු පද්ධතිවල ආරක්ෂාව සඳහා පොදු  අවම තාක්ෂණික මට්ටමක් සහ නියාමන රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු වී ඇත

මුදල් කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර  ඇත.

සමස්ත බැංකු පද්ධතියේ සුරක්ෂිතතාව සඳහා කෘතිම බුද්ධිය සහිත නවීන තාක්ෂණික පද්ධති හඳුන්වාදීමේ අවශ්‍යතාවද කමිටුව අවධාරණය කළේය.

වංචා කළමනාකරණය සඳහා නව තාක්ෂණික රෙගුලාසි පැනවීම පිළිබඳවද කාරක සභාව මහ බැංකු නිලධාරීන්ගෙන්  කරුණු  විමසා ඇත.