(අංජුල මහික වීරරත්න)

නැවත පදිංචි කිරීම් ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි අනුර කුමාර දිසානායක මහතා බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් පැවසීය.

නැවත පදිංචි කිරීමේදී වෙනත් ඉඩමකට යාම පිළිබඳව දෙගිඩියාවෙන් පසුවන්නන්ට තීරණයක් ගැනීම සඳහා උපරිම ජුනි 15 දක්වා කාලය ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. 

නිවාස අහිමි වූ ජනතාව තුළ නව නිවසක හිමිකාරීත්වය පිළිබඳ අපේක්ෂාව තහවුරු කිරීම වාර්තා සහ සැලසුම් වලින් ඔබ්බට ගොස් ඉටුකරන ලෙසද ජනාධිපතිවරයා කීය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් ගෙන ඇති පියවරයන්හි ප්‍රගතිය සොයා බැලීමේ බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.