
(සුජිත් හේවාජුලිගේ)
රජයේ රෝහල්වල හදවත් සැත්කම් සඳහා දසදහසකට අධික රෝගීන් ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය
මෙම ශල්‍යකර්ම සඳහා දිනය 2029දක්වා දික්වීම නිසා රෝගීන් දැඩි ලෙස අසරණ වී සිටින බව ඔහු පෙන්වා දෙයි
රජයේ ඇතැම් රෝහල්වල ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන උපකරණවල පවතින හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම් රසායනාගාර පරීක්ෂණ පුද්ගලික අංශයෙන් කර ගැනීමට සිදුව ඇති බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් මීට වඩා මේ ගැන අවදානය දිය යුතුයි
මීට දශක කීපයකට පෙර රටේ මෙතරම් හදවත් රෝගීන් සිටියේ නැහැ. වර්තමානය වන විට හදවත් රෝගීන් ගණන මෙතරම් ඉහල යාමට ප්‍රධාන හේතු වන්නේ අධික ලෙස මත් පැන් පානය, දුම් පානය, කොත්තු, රයිස් වැනි තෙල් සහ ලුණු අධික අහාර ගැනීම, නිතර කෙටි ආහාර ගැනීම, ව්‍යායාම අවම වීම වැනි කරුණුයි. හදවත් රෝග සෑදීමට පෙර, මෙවැනි සෞඛ්‍යයට අහිතකර පුරුදු වලින් මිදීම රටවැසියන්ගේ වගකීමක් වන අතර එය රජයේ වගකීමක් නොවන බවයි මගේ මතය.
මගේ දරුවාට වයස අවුරුදු 6 යි, ඔහු ඉපදුනේ හෘද රෝගයකින්. බොහෝ රෝගීන්ට උපතේ සිටම පවතින සමාන ගැටළු තිබෙනවා. මම මේ විෂය ඉගෙන ගෙන තියෙන නිසා මම ඒක දන්නවා. ඔබට අවශ්‍ය නම්, ගිහින් ඔබේ නිවසේ NPP රෙදි සෝදන්න. නමුත් අහිංසක රෝගීන්ට අපහාස කරන්න එපා.
සෑම සැත්කමටම පෝලිම. පෝලිම ග්රන්ථ සැත්කමක් ඒ වගේමයි.ගම්පහ රෝහලේ අවුරුදු දෙකක පෝලිමක් තියෙනව.ජපුර රෝහලේත් යන්ත්‍ර අක්‍රිය වෙලා..