(සනත් ගමගේ)


අම්බලන්තොට මාමඩල මොකුටු යාය ප්‍රදේශයේ නිවසක වෙඩි තබා කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරන ලද  සිද්ධියට සම්බන්ධ යයි සැක කරන අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද  (14) හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි .ආර්.බ්. නෙළුම්දෙනිය  මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව  21 දින  හඳුනා ගැනීමේ පෙරට්ටුව තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිසියට බාර දීම සිදු කරතිබිණි.

ආවරණ සහිතව අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම දැඩි රැකවල් යටතේ සැකකරුවන් දෙදෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.

අධිකරණ භූමියේ පැය දෙහෙකට වැඩිකාලයක් පොලිස්  ජීප් රථය තුළ රඳවාගෙන සිටි සෑකරුවන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත පස්වරූ එකයි විස්සට පමණ මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරුවන් දෙදෙන ඉදිරිපත් කළේය.

හඳුනා ගැනීමේ පෙරටුව තෙක් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් නෙළුම් දෙනිය මහතා නියෝග කළේය.

අධිකරණ ශාලාවෙන් පිටතට ගත් සැකකරුවන් දෙදෙනා අම්බලන්තොට පොලිස් ජීප් රථයෙන්ම දැඩි රැකවල් මධ්‍යයේ බන්ධනාගාරය වෙත රැගෙන ගියහ.