( පාලිත ආරියවංශ)
උපන් හැටියේ බිළිඳෙකුගේ මුව වසා ශ්වසනය අවහිර කර ඝාතනය කළේ යැයි සැකපිට එම බිළිදාගේ මව බදුල්ල පොලිසිය විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අත්අඩංගුවට ගනු ලැබුවේ බදුල්ල වේවැස්සවත්තේ පදිංචි මුත්තයියා පුවනේශ්වරී නමැති අවිවාහක 36 හැවිරිදි කාන්තාවකි.
සිද්ධියෙන් පසු බිළිඳා සහ මව නිවැසියන් විසින් බදුල්ල මහරෝහලට රැගෙනවිත් තිබේ.
සැකකාරිය මුලදී පවසා ඇත්තේ බිළිඳා උපන් හැටියේම අසනීප වූ බවයි.
එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය මුවවසා හුස්ම හිරකිරීමෙන් සිදුවූ මරණයක් බව බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා විසින් අනාවරණය කිරීමෙන් පසු සැකකාරිය එය පිළිගත් බව පොලිසිය සඳහන් කළේය.
ඇය බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතරම බදුල්ල වැඩබලන මහේස්ත්‍රාවරයාගේ නියෝගය මත ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරය යටතට පත්කළ බව බදුල්ල පොලිසිය පැවසීය.
බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉහතින් ශාපි කියයි "මම නිවැරදියි කියලා".
පව් අහිංසක දරු පැටියෙක්... මෙයට අනියම් ලෙස දායක වූ මිනිස් ආත්මයක් ලබපු තිරිසන් පිරිමියාද මෙයට වගකිව යුතු නොවේද? වැඩිදෙනෙකු කතා කිරීමට අකමැති නමුත් අප සමාජයේ වැඩිවෙමින් පවතින එක් අසීලාචාර ගැටළුවක් මෙය නොවන්නේද?