
දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි තිදරු මවක වු හෙදියකට වසර 7ක සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 360 ඈ දෙක වගන්තිය යටතේ වරදක් සිදුකළ බවට අධි චෝදනා ගොනුකරමින් නීතිපතිවරයා පැවරු නඩුවක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් පසුව මෙම තීන්දුව නිකුත් කළේය.
සිරදඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩ මුදලක් ද එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක ලිහිල් සිරදඬුවමක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර නීති විරෝධී ලෙස දරුවා ගන්න හදපු නිලධාරිනියට දඬුවමක් නැද්ද?
අසාධාරණය, මාරයා ලෙසද පැමිණිය හැක...! දැන් ඉතිරි ළමයි 3න් දෙනා බලාගන්නේ කවුද? මාරයාද?
46 වයසක කාන්තාවන්ට දරුවන් උපද්දන්න පුලුවන්ද . අනික හෙදියක්
අද රටේ මෙවැනි දේ සිදුවන්නේ දුප්පත්කම නිසයි. බොහෝ විට මේ මව තම දරු පව්ල පෝෂණය කිරීමට යම් මුදලක් සෙව්වා විය හැක. මෙවැනි දේ ගැන නීති පොත් වල ඇති දේ පමණක් නොව, සමාජ තත්වය ගැනත් සලකා තීරණ ගත යුතුයි.
අර නිලධාරිනිය බබාද…? මේ අය ගහන ගේම් පේනවා නේද..?
අදට අවුරුදු 30-50කට කලින් මේවා සුලබ වුණා... දැන් ඒ ළමයි අවුරුදු 40-50 වෙලා ලංකාවේ ඇවිල්ලා තමන්ගේ දෙමව්පියන් හොයනවා අන්තිමට සල්ලි වලට වික්කා කියලා දැන ගත්තාම මේ රටට ශාප කරලා යනවා. ඒකයි මේ රට හැදි ගැලවිලා යන්නේ. නිකං දෙන්නා නම් ඉවරයිනේ. අපේ නෑයොත් දුප්පත් අය අපේ නෑ අයටම දුන්නා. සල්ලි වලට දෙනවා කියන්නේ අපාගත දෙයක්, අනිත් දේ උපත් පාලන පිළිබඳ දැනුමක් නැද්ද?
දඩුවම ලබා දීම විතරක් නොවෙයි රජයක වගකීම වෙන්නේ, ඇය එවැනි වැරැද්දකට යොමු වෙන්න හේතු හොයා බලා එයටද පිලියම් යෙදිය යුතුයි.
අත් සිට වූ සිර දඬුවමක් දෙන්න බැරිද ? දැන් දරුවෝ තිදෙනෙකුට අම්මෙක් නැතිවුණා නේද? මරන්නේ නැතිව කෙනෙකුට දරුවා දෙන්න ක්‍රමයක් නැද්ද?
අවුරුදු 50-60 පරණ නිති යාවත්කාලීන විය යුතුයි! ළමා නිවාසවල ලමයින් කොච්චර දුක් විදිනවද? ඇත්තටම දරුවෙක්ව දරුවන් නොමැති අය හදාගිනිමට ලබා ගැනිම ලොකු පිනක්!
ලිපියේ අඩංගු කරුණු අනුව මෙම කිරි දරුවා මෙම කාන්තාවගේ බව සඳහන්කර නොවේ, ඒ අනුව මට නම් තේරුම් යන්නේ මෙම කාන්තාව අන් කෙනෙකුගේ දරුවකු විකිණීමට උත්සාහ කර ඇතිබවක්...
අර පිටිගල මිලනෝ, ඒකනායක වගේ බත්කන හරක්ට තේරෙන්නේ නැහැ.. කාන්තා කාර්යන්ශයේ නිලධාරිනිය ඇවිල්ලා තියන්නේ මේ නීති විරෝධී වැඩේ අල්ලන්න කියලා. මේ වගේ පෝස්ට් ගොඩකට ලොරි ටෝක් නම් දීලා තියෙනවා... මොකද්ද වෙලා තියෙන්නේ කියලා දන්නේ නැති වුණාට...
මෙහෙමත් අම්මලා
චේතිය රජු විතරක් නොවේ, කැකිල්ලේ රජතුමාත් නැවත ඉපදිලා. දැන්නම් මරු තමයි.