
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත් එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තවමත් මෙරට තරුණ පරපුර ඇතුළු ජනතාවගෙන් අතිමහත් බහුතරයක් අතර මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩ වී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති "2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.
නීතිය හා සාමය, දේශපාලන සහ ආර්ථීක ස්ථාවරත්වය යළි පිහිටුවීමෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව මුළුමනින්ම අර්බුදයෙන් මිදී ඇති බව නොවන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියේදී විශාල කැපවීම් කළ යුතුව ඇති බවද සඳහන් කළේය.
මීට මාස දහයකට පෙර රට දැඩි ආර්ථිකය අභියෝගයට ලක් වූ අතර එය ඉතිහාසයේ කිසිදා නොතිබූ තත්ත්වයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තත්ත්වය සමනය කර ගැනීමට තමා ඇතුළු කණ්ඩායමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්ස දොරෙන් ජනාධිපති වෙච්චි අය කොහොමත් ඡන්දෙට බයයි...
ඔව්වා කිය කියා හැමදාම ඉන්නද හදන්නේ, JR වගේ මැතිවරණ සිතියම නොහකුලුවා, ඡන්දේ තියමු මහත්තයෝ...
හලෝ රනිල්, මුලින්ම ටිකක් හිතනවා තමන් කවුද කියලා. තමුන් පින් ජනාධිපතියෙක් විතරයි. ඒ කියන්නේ හිටපු ගෝඨාභයලා පැනලා ගියාම ඔවුන්ගේ කොන්තරාත් එකකට - ඔවුන්ව හිරේ නොගිහින් බේරාගන්න, හොරාකාපු සල්ලි එළියට නොගන්න.. කරපු මිනීමැරුම් යටගහන්න, ඔවුන්ට පොරොන්දු වෙලා ජනතාවගේ කැමැත්තෙන් තොරව ජනාධිපති පුටුවට පැනගත්ත බංකොළොත්, මිනීමරු බැංකු, හොරෙක් පමණයි. දැන් ඔයාගේ රස්සාව වෙලා තියෙන්නේ තැන තැන පට්ටපල් බොරු වපුරමින් ඇවිදීමයි. ඔයාලාට වෙනදේ දැනගන්න අවශ්‍ය නම් ඕනෑම ඡන්දයක් තියලා බලන්න මොකද වෙන්නේ කියලා. රටේ මිනිස්සු දැන් එදා වගේ මෝඩ නැහැ. ඔවුන් බලාගෙන ඉන්නේ "ජජ්මන්ට් ඩේ" එක එනකම්... එදාට ඔයා ඇතුළු මේ රට විනාශ කරපු හැම දේශපාලුවෙක්ම මහපාරේදී සම්බෝල හදන්න මිනිස්සු බලාගෙන ඉන්න බව අමතක කරන්න එපා.
ඇයි මේ රට හදන්න වෙලා තියෙන්නේ? රට වැටෙන්න මාස කිහිපයකට කලින් ආණ්ඩුව කරෙත් රනිල්මනේ...
"රනිල්ගේ යූඑන්පී සහ රාජපක්ෂගේ පොහොට්ටුව පක්ෂ එකට එක් වූවත් 50%ක ඡන්ද පදනමක් නොමැති බවත්‘‘... ජන්ද කල් දැමීම"... ලැජ්ජයි රනිල්...!
ඔයා කියනවා ආර්ථිකේ... දැන් ස්ථායීලු... මොන ස්ථායීද හලෝ... කන්නවත් සල්ලි නැහැ.. අඳින්න සල්ලි නැහැ... බස් එකේ යන්න සල්ලි නෑ... ඔයාගේ මහලොකු ස්ථායී බව...
එම විශ්වාසය නැති වුනේ ඔබවැනි මිනිස්සු නිසා...
බහුතරයකට විශ්වාසය නැත්තේ දේශපාලනය ගැන නොව දේශපාලන තක්කඩින් ගැනයි...
පාර්ලිමේන්තුවේ දැන් ඉන්න බහුතරය රටේ ආර්ථිකය වට්ටන්න දායක වූ අය...!
ඔයගොල්ලෝ තමයි අපේ ඒ විශ්වාසය කැඩුවේ, තමන් ඒ ඉදිරියෙන්ම ඉන්නවා.. නමුත් අපිට දැන් ඕනේ ඔය හොරු රැල කපෝති කරන්න.. අපි ඒකට කට්ටියක් තෝරාගෙන ඉවරයි. කොල්ලෝ ඉක්මනට ඡන්දෙ තියපන්...!
චන්දේ තිබ්බොත් දොබෙන් පරදිනවා කියලා අපි දන්නවා . ඔයාගේ පංතිය පරිස්සම් කරන්න හොදම ක්‍රමේ චන්දේ කල් දාන එක. අපි නොදන්න මොණර තැන්න.
අපිට දේශපාලන විශ්වාස හෝ ඡන්ද ගැන විශ්වාස නැහැ. බළලා මැටියෙන් හරි කමක් නැහැ මියෝ අල්ලනවා නම්... රට හොඳට කෙරෙනවා නම් කවුරු රට කළත් කමක් නැහැ...