(රංජන් කස්තුරි)

දරුණු අසාත්මිකතා ඇතිවී ඉකුත් දිනවල රෝගීන් දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ යැයි ඒ පිළිබදව සොයාබැලීමට පත්කළ කමිටුවේ නිගමනය වූ බව කමිටු සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබදව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

ජාත්‍යන්තර තත්ත්වය සහ ඉකුත් වසරවල අසාත්මිකතාවලින් මියයාම් සමග සංසන්දනය කළ විට ඉකුත් දා සිදුවූ මරණ දෙක අසාමාන්‍ය වැඩිවීමක් නොවන බවද ඔහු කීය. 

කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (10) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමෙින් ඔහු එම අදහස් පළ කළේය.

ඉකුත් දා අසාත්මිකතාවලට ලක්වූ රෝගීන් 6 දෙනකු පිළිබදව සිය කමිටුවට අධ්‍යනය කිරීමට ලබාදී තිබූ බවද දරුණු අසාත්මිකතා ඇතිවී තිබුණේ ඉන් රෝගීන් 4 දෙනකුට පමණක් බවද ඔහු කීය.