(ඩයනා උදයංගනී

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

 නැගෙනහිර වෙරළ  ආසන්න මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් මෙම වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. 

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.