(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගල ඝාතන සහ කප්පම් ගැනීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බස් ලලියා නමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු හංවැල්ල දිද්දෙණියේ  සූසාන භූමියක සඟවා තිබූ ගිනි අවි කීපයක් සොයා ගැනීමට හැකිවූූ බව නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

එම ගිනි අවි අතර රුසියාවේ නිෂ්පාදිත රිපිටර් වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ හතරක්, ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ මැගසිනයක් මෙන්ම පිස්තෝල අවියක් පොලිස් භාරයට ගෙන ඇත.

සොයාගත් එම ගිනි අවී ඉකුත් කාලය පුරා විවිධ අපරාධ සඳහා යොදාගත් ඒවා බව පොලිසිය සඳහන් කරයි.

සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ කන්නංගරගේ ලලිත් නොහොත් බස් ලලියා නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී ලබාගත් රතු නිවේදන අනුව ඉකුත් මස 25 වෙනිදින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන එන ලදී

2013 වසරේ සිට 2025 වසර දක්වා වසර අටක පමණ කාලයක් තුළදී හංවැල්ල , නෙළුවත්තුඩුව, පාදුක්ක, කොස්ගම ආදී ප්‍රදේශ ගණනාවක් භීතියට පත් කරමින් සිදු කළ පුද්ගල ඝාතන, කප්පම් ගැනීම, තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදු කිරීම මෙන්ම මත්ද්‍රව ජාවාරම සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ සම්බන්ධව මෙන්ම නීති විරෝධී ලෙස උපයාගෙන ඇති බවට සැකකරණ වත්කම් පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ බාරයට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 කාලයක් රඳවාගෙකන  ්‍ප්‍රශ්න කරමින් සිටි