
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ විසින් මෙතෙක් ලබාදුන් සහය අඛණ්ඩව ඉදිරියටද ලබාදෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයා සමඟ ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නායකයන් අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා මෙි බව පවසා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නියෝජනය කරමින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ,අමාත්‍ය ජීවන් තොණ්ඩමන් , එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්.එම් . අතාවුල්ලා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තම පක්ෂයට අයත් ඇතැම් වෘත්තීය සමිති සහ සමහර ප්‍රාදේශීය දේශපාලනඥයන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව යම් විරෝධාකල්පයක සිට අදහස් දක්වන නමුත් එම ගැටළු කිසිවක් රට ගොඩනඟන වැඩපිළිවෙළ සඳහා සහාය නොදීමට තරම් බරපතල නොවන බවය.
එම ගැටළු මෙන්ම එක්ව කටයුතු කිරීමේදී මතුවන ඔනෑම ගැටළුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා මාසයකට දවසක් හෝ ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ හමුවී සිදුකරන සාකච්ඡා වැදගත් වන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත .
එසේම තමන්ද ඇතුළු පොදුජන පෙරමුණ පක්ෂය මෑත ඉතිහාසයේ ජනාධිපතිවරුන් කිහිපදෙනකු සමඟ කටයුතු කර ඇති බවත් එම අත්දැකීමට අනුව මෙතෙක් කිසිඳු ජනාධිපතිවරයකුට නොතිබූ ආකාරයේ සංවිධානාත්මක සහ ක්‍රියාශීලී කාර්ය මණ්ඩලයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතුව ඇති බවද බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
එහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් ගේ රාජකාරි ස්වභාවය අගයන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කර තිබේ.
" ඇත්තටම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමඟ වැඩකිරීම ඉතාම පහසුයි. ඔවුන් ඕනෑම අවස්ථාවක සාකච්ඡාව සඳහා, ඇහුම්කන් දීම සඳහා සූදානමින් සිටිනවා.
බොහෝ අයට මේ තනතුරු ලැබුණාම ඔවුන්ට දුරකථන ඇමතුමක්වත් ලබාදෙන්න අවස්ථාවක් නෑ. නමුත් මේ දෙදෙනාම ඒ දුර්වලතාවයෙන් පෙළෙන්නේ නෑ. ඔවුන්ට ඒ ගැන ඇගයීම දෙන්න ඕන.
ඒ වගේම ඒ වැදගත් ලක්ෂණය ඉදිරියටත් පවත්වා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. හැබැයි අපේ අගමැතිතුමා නම් ටිකක් කාර්ය බහුලයි වගේ, දුරකතනයට සම්බන්ධ කරගන්නත් අමාරුයි. හැබැයි ජනාධිපතිතුමා එහෙම නෑ . ජනාධිපතිතුමා කොච්චර කාර්‍ය බහුල වුණත් , ඇමතුමක් ගත්ත මොහොතේම ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ වගේ දෙයක් ජනාධිපති ලෙස සිදුකිරීම ගැන විශේෂ ප්‍රසංශාවක් හිමිවෙන්න ඕන කාරණයක්.
ඒ කොහොම වුණත් අපි පක්ෂයක් විදිහට ජනාධිපතිවරයා රට ගොඩනැගීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට මේ ලබාදුන්නා වගේම කිසිම අඩුවක් නැතුව ඉදිරියටත් සහය ලබාදෙනවා. පොදුජන පෙරමුණට සම්බන්ධ අනෙක් පක්ෂත් ඊට එකඟයි. මාසයකට වතාවක් හෝ එකට එකතුව මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන් නම්, අපේ පවා සමහර වෘත්තීය සමිති ප්‍රාදේශීය දේශපාලන නායකයන් දක්වන සමහර විරෝධතා විසඳා ගන්න පුළුවන්. ඒ වගේම මේ කරගෙන යන කටයුතු සඳහා අපිට ඇති යෝජනා අදහස් ඉදිරිපත් කරන්නටත් පුළුවන්." මෙහිදී අදහස් දැක්වූ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙලට සහය දීමට පක්ෂයක් ලෙස ගනු ලැබූ තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවය. මෙතෙක් ඒ සඳහා ලබාදුන් සහය ඉදිරියටද අඛණ්ඩව ලබාදෙන බවත් කාරියවසම් මහතා සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කාපු හොරු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ පමණක් නොව විපක්ෂයේ සිටිනා සියලු දෙනා ගේද සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙන්න.
මේ පුද්ගලයන්ට කවදාවත් මේ රට ගොඩගෙන ඉදිරියට යන්න මේ සම්ම ජාතියේ උවමනාවක් නම් කොහෙත්ම නැහැ, කොහොමින් හරි දෙගොල්ලොම රටට කරපු මහා විනාශකාරී හොර තක්කඩි කම් වලින් ගැලවිලා දිගටම රට කාගෙන කාගෙන ගිහින් මේ සුන්දර රට සුන්නද්දුලි කරලා දාලා කොහාට හරි පැනලා යන්න තමයි ඔය ආලවන්තකම් කරන්නේ. අනේ අපේ රටේ ඉදිරි පරම්පරාවේ දරුවෝ මොන තරම් අවාසනාවකටද ගොදුරු වෙන්නේ. ඔය පොහොට්ටු ගොන්නුන්ට ඕවා තෙරෙනේවද? උන් හිතන් ඉන්නේ මේ ඉන්නේ උන්ගේ දේවතාවෝ දෙන්නා කියාලා.
නෙදකින් පර සක්කිලි
දෙදෙනාටම පැවැත්ම සඳහා එකිනෙකා අවශ්‍ය වන අතර වර්තමානයේ ඔවුන් NPP වලට බිය වන බව පෙනේ!
මුන් හිරේ නොයන්න නම් රනියා මැරෙනකම් ජනාධිපති පුටුවේ තියාගන්න වෙයි
කපුටා. ගෙ බිත්තර දාන කාලය. හරිවගෙ. මේදාසැරේ පැටව්න්ට එලියට එන්න බැරි වෙයි. ඒ තරමාට. රතුකුරුල්ලෝ පිරිලා වටවෙලා කොටයි. මහලු කපුටට. කාක් කියන්නත් බැරිවෙයි. රනිල්ට. තියෙන ටිකත් නැතිවෙයි. ඔය කපුටා වහපු හැම කුඩුවක්ම කැඩිලා ගියා. මූ හොරා කන්නෙ. ඇස් ඉදිරිපිට. මේ කපුටු රජා. අනුන්ගෙ ගේ ගැහැනියක් ලගට හෙත්තුවෙන්න ගිහින්. අහුවුනා නේද. කාක්. කිව්වට ඒවටත් ආසයි තවම.
කාපල්ලා මලමිනී බඩගින්නේ මැරෙන අහිංසකයින්ගේ... බීපල්ලා ලේ, පණ අදින ලෙඩ්ඩුන්ගේ... බල්ලන් බලලුන් වගේ මැරිලා යන දවස් වැඩි ඈත නෑ... පාහරයින්..
රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ඔහොම යමු
එක යායේ කකා බිබී එක පෙළට හොරුන්ගේ පංතිය මීටිමක් තියලා. සැපේ ඉන්න ඔයලා අපි බදු ගෙවන්නම්. පුලුවන්නම් 2024 අගෝස්තුවේදීත් පඩි වැඩි කරගන්න ඔයාලාගේ...
අප සහ අපේ පෞවුල ගොඩනගන මහතාට සහය අපෙන් ලැබෙනව අපේ ඉත්තකු වන නිසා
ඔව්නේ, චන්දයකට යන්න උනොත් දෙවියනේ පොහොට්ටුව හොටු වෙනවනේ, ඉතින් එල්ලිල ඉමු නේ ?
එහෙම පොරොන්දු දෙන්න එයාට තියෙන අයිතිය මොකක්ද? ජනතා මතය විමසිය යුතුයි. ඒකට මොකක් හරි ඡන්දයක් තියල බලන්න.
රට ගොඩනගන සාර්තක වැඩපිලිවෙල"......මට අදොමුකයෙන් හිනාවක් ගියා එක කියවල!!!!
ඊලග මැතිවරණය එනකන් ඉන්න.කකුළුවෝ දිය රත්වෙනකල් දිය කෙලියේ
ඔබ අපිව රකින තුරු අපි ඔබව රකිනවා කියලා පොරොන්දු දෙන්න ඇති
රටේ වාසනාවට උපන්න හොරු දෙන්නෙක්
මෙ බයිල වලට තවමත් අහුවෙන උන් ඉන්නවනම් ඔලුව අතගාල බලපල්ල - අන් ඇවිල්ලද කියල.
පොරොන්දු දුන්නට ඡන්දයක් පැරදෙද්දි බැසිල් අතුරුදහන් වෙන්නෙ පැදුරටවත් නොකිය..
නට නටා කිංකිනි නාදේ දී මෙහි යමු පාරේ තුති දී බොහෝ සේ.භූපති ලකා වැජබේවා .නීතිඥ නීරෝගී වේවා .රාජා මේ සිංහලේ
මේ වනවිට ලංකාවේ සිදුව්මින් පවතින දේශපාලනය සියුම්ව නිරීක්ෂණයේදී ඉතාම පැහැදිලි කටනයක් තිබේ. එනම් රජයේ දේශපාලන කණඩායම්, විපක්ෂයේ දේශපාලන කණඩායම්, පාර්ලිමේන්තුවේ සිටි නමුත් වරත මන පාර්ලිමේන්තුවේ නොසිටින දේශපාලකයන්, ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් කරගෙන කරමින් තිබෙනාවූ දේශපාලනය ලංකාවේ පුරවැසියන් හට තේරුම් ගැනීමට නොහැකි තත්වයට ඔවුන් පත්කර තිබේ. දේශපාලන ආර්ථික සමාජීය, කලාපිය සහ ජාත්‍යන්තර කරුණු පිලිබදව බහුතර පක්ෂ, විපක්ෂ, දේශපාලකයන් සහ දේශපාලනයට පැමිණීම බලපොරිත්තුවන අලුත් කණඩායම් විසින් මාධ්‍ය මගින් කරනාවූ ප්‍රකශ පිලිබදව වෙනත් බටහිර රටවල දේශපාලනය සහ අද්දැකීම් තිබෙනාවූ කෙනෙකු හැර ලංකාවේ පුරවැසියන් හට කිසිදු අවබෝදයක් නොමැත.
කුණුවලට කුණු එකතු වෙනවා වගේ හොරු එකතුවෙනවා හොරුන්ට
මේ වන විට සමාජ මාධ්‍ය පිලිබදව ඉතාම සියුම්ව නිරීක්ෂණය සහ අදයයනය කිරීමේදී මතුපිටින් වීර චරිත බව පෙන්වුවද ඔවුන්ගේ ප්‍රකශ සහ පැහැදිලිකිරීම් සත්‍ය වශයෙන්ම යම් දේශපාලන කණඩායමක් සමග සම්බන්දතා ඇති බව පැහැදිලිව කියවා ගත හැකිවේ. එමනිසා කණගාටුවෙන් උවත් කිවයුතුවන්නේ බුදුන් ලංකාව් උපන්නේනම් හෝ නිර්මල බුදු දහම පවතින රටක පුරවැසියන් මේ ආකාරයට දසක ගණනාවක් රැවටීමට ලක්වීමට සහ අසරණ වීම විශාල පාපයකි.එමනිසා රටේ දේශපාලනය වෙනස්වී උතුරේත් දකුණේත් ශ්‍රී ලාංකිකයන් හට ජීවත්වීමේ අයිතිය ලබාදීමට කටයුතු කලයුතුවෙමු. සජ්ත් ප්‍රේමදාස ඇතුළු පිරිසද රජයට ගෙන නැවත ජාතික මැතිවරණයක් පවත්වන තුරු ඔවුන්ගේ හැකියවන්ද පෙන්වීමට අවස්ථව ලබාදිය යුතුවේ
සහය නොමැතිව ඉතින් දැනටමත් ඇතුලේ ඉන්න අයනේ ඔය මීටින් එකට ඇවිල්ලා තියෙන්නේ .කාලකන්නි දේශපාලුවෝ
දිය රෙද්දෙන් බෙල්ල කැපීම නම් කතාවක් සිංහල බාසාවෙ තියනවා නේද?
හොඳට දියුණු කරන්න තිබිච්ච රට කාලා විනාශ කරපු මේ උන්දලා කතා කරන්නේ හරියට මේක ඒගොල්ලන්ගේ පවුලේ බුදලයක් කියල හිතාගෙනද කොහෙද. මෙච්චර දවසක් රට විනාස කරපු මේ ගොල්ලෝ ආයෙත් ඇවිත් රට ගොඩ ගනී කියලා කවුරු හරි හිතනවා නම් ඔහු හෝ ඇය උන්මත්තකයෙකි. මේ ගොල්ලෝ කරන්නේ සහයෝගයෙන් තම තමන් රටට කරපු සියලු විනාශයන් වසන් කරලා දිගටම රට සුරාගෙන කෑම කරගෙන යන එකයි.
ඇමරිකානුවෙක්ට ගිය කලක්. මෝඩ හරක් ටික ඡන්දේ දුන්නා නේ..
දූෂිත පවුල් පාලනේ උන්ගේ මුහුණු දකින එකත් අපිට හරිම පිළිකුල් .කපුටගෙන් මොන පොරොන්දු ද. රටම හොරාකාලා විනාශ කරපු,දූෂිත පවුල් පාලනේ රැකගන්ඩ කියලා පින් ජනපතියාව පොරොන්දු කරවා ගන්ඩ ඇති .
මොල හතේ බූරුවා ආපහු වැඩ පටන් ගන්නනයි හදන්නේ !