
(අංජුල මහික වීරරත්න සහ ටී.කේ.ජි කපිල)
මාස කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (5) පෙරවරු 8.16ට එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහත්වරු ගුවන්යානයටම ගොස් බැසිල් රාජපක්ෂ මහතා පිළිගත්හ.
අනතුරුව රාජ්‍ය ඇමති ඩී.වී චානක හා බැසිල් රාජපක්ෂ මහතා සහ ප්‍රසන්න රණතුංග මහත්වරු කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරත වූහ .
නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්සකුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25ට ආසන් පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයට පැමිණ සිටියහ.
(ඡායාරූප: ටී.කේ.ජි කපිල)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව බහුතරයක් බඩගින්නේ .නැවත රට ගොඩගන්න ශක්තිය ලැබේවා
ආ උඹ ආවද හරක් පැටියා බලලා යන්න
දැනට ජනාධිපතිවරණය පැවැත්වෙන බවට ප්‍රකාශයට පත්වී ඇත්තේ ඔක්තෝබර් මාසයේ පස්වෙනිදාටයි, ඒනිසා හයවෙනිදා පාන්දරම පළමූ ගූවන් යානයෙන් ඇමරිකාවට යන්න ටිකට් එක බුක් කරගෙනම එන්න ඇති මගේ හිතේ.
කපුට්ටු කාක්.................කාක්.................කාක්.................බැසිල්.....................බැසිල්.....................බැසිල්.....................බැසිල්.....................
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලන්සු විවෘත කිරීම අද සිදුකෙරේ රටට ආදරේටද ?10% ආදරේටද ?
ඔය සිනහා තාවකාලික බව වැටහේවි තව ටික දිනකින්
අයියා ජනාධිපති නොවුනානම් මෙය තවමත් ඇමරිකාවේ ඔය සුළු රැකියාවක් කරගෙන ඉන්නවා . වතු අයිතිකාරයා කාලෙන් කාලෙට වත්ත බලන්න එනවා වගේ මොකටද මෙය එන්නේ කියල නොරහසක් නෙවෙයිනේ . මෙන්න මේ රාජපක්ෂලා ලංකාවේ දේශපාලන පිටියෙන් සදහටම ඉවත්කරන්න මෙදාපාර චන්දෙ පාවිච්චි කරන්න මිනිස්සුන්ට මොලේ පාදෙන්න ඕනේ . මෙයා ඒකාලේ හැසුරුනේ හරියට ඇමරිකාවේ ජනධිපති වගෙයි
මේපාර නම් පැනලා යන්න දෙන්න එපා….
ආ ,රටේ බංකොලොත් කරපු නඩයේ එක්කෙනෙක් නේද මේ
ජඩ කූට දේශපාලනයට තිත තබමු .මාලිමාවට ජය වේවා
අද රටේ ජනතාව පත්වෙලා තියන දුක්බර සහ පීඩාකාරී තත්වයට කෙලින්ම වගකිව යුතු පුද්ගලයෙක්. රටේ මුදල් විනාශ වීමට අධික ණය බරක් මිනිසුන් මත පැටවීමට හේතුවුණු පුද්ගලයෙක්... වටේ ඉන්න අය ගැන නම් කියන්නම දෙයක් නැහැ. බලය අහිමි වුවහොත් වලට වැටෙන බව දන්නා නිසා අවසන් උත්සාහය දරනවා. මේ කිසිවක් මිනිසුන් වෙනුවෙන් කරන දේවල් නෙමේ. තනිකරම බලය වෙනුවෙන් කෑදරකම...
69 ලක්ෂය නැවත වතාවක් අලියාට පාවාදීලා යන්න ආවේ...!
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...!
වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘද සාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කල කල දේ පල පල දේ.
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ... පිළිගන්න ඒ වගේම සෙට් එකක් ඇවිත්...
රාජපක්ෂ සොරමුල, එකම තැනක. මුන් එකවිටම පරාජය කරමු. වෙනස් මාවතක් සොයා යමු. උදැල්ලට ටකරමට, පියන් ජොබ් එකට, ළමය පාසැලට දෑවට, වැලිපස් පර්මිට් එකට, වී අයි පී වාහන වලින් ගියාට, පිටට තට්ටු කරාට, චන්දෙ දෙන්න එපා, කොටින්ම තමුන් දුක් විඳ විඳ මුන්ගෙ සැප විඳින්නෙ කොහොමද කියලවත් අවබෝධ කරගමු,
කපුටා හිට් ද හෝල් කන්ට්‍රි... මෙදා සැරේ මොන ගේමක් දෙන්න හිතාගෙන ඉන්නවාද කියන්න බැහැ. දූෂිත බලලෝභියෝ?
සෙට් එකම ගිහින් පිළිගන්න...!
මෙතන ඉන්නේ මහත්වරුද? මහත්හොරුද?
ඊළඟ ඡන්දෙ එනකොට මම රටින් පනිනවා.
මොකට ආවද මන්දා ?ඒ පයින්ම ආපසු ගියොත් නරකද ?