
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත හෙට (09)හෝ අනිද්දා (10)යවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙ අතර , බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ දී හෙට පෙරවරු 11 ට විශේෂ මාධ්‍ය හමුවකට ද එක්වීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වුවද ඔහු දේශපාලන කටයුතුවල දිගටම නිරත වනු ඇතැයි දැනගන්නට ඇත.
බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂයේ සමීපතම පිරිසක් සමග ඊයේ (07)රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර, මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එහිදී ද ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
බැසිල් රාජපක්ෂ මහතා ඉවත් වීමෙන් පුරප්පාඩුවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිහිප දෙනකුගේ නම් යෝජනා වී ඇති අතර ,ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නමද ඒ සඳහා යෝජනා වි ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඕන අයට ඕනේ විදිහට පර්ලිමෙතුවට ගෙන්නගන්න පුළුවන් නම් දැන් රටේ ප්‍රජාතන්ත්‍ර වාදය ( මහජන කැමැත්ත ) කියල දෙයක් නැත්ද ? මන් දන්නා විදිහට නම් ජාතික ලයිස්තුවේ සිටින අයව මැතිවරණයට කරලින් චන්ද දායකයන්ට දැනුම් දෙන්න ඕනේ