
(ශාන්ත චන්ද්‍රසිරි)
පුඬළුඔය සිට ගම්පොල දක්වා ධාවනය වු පෞද්ගලික බසයක් මල්හෑව ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 80 ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයකු මිය ගොස් තවත් 12 කු තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ නුවරඑළිය සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරිවරයකු ලෙස සේවය කරන ලද පුස්සැල්ලාව, නවකඩදොර ප්‍රදේශයේ පදිංචි වයි. එම්. ධම්මික හේමන්ත යාපා (56) නැමැති අයෙකි.
තවත් බස් රථයකට ඉඩදීමට යාමේදී එම බස් රථයේ බඳ කොටසේ වැදී ලිස්සා ගොස් මෙම බස් රථය මෙසේ ප්‍රපාතයට පෙරළී ගොස් ඇති අතර තුවාල ලැබුවන් කොත්මලේ සහ ගම්පොල රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කොට තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2000 වර්ෂයේ දී හදුනා ගත් යාපා, මගේ ළබැඳි සොයුර, ඔබට උතුම් නිවන් සුවය අත්වේවා.