(ගයාන් සූරියආරච්චි)

පිටකොටුව බැස්ටියන් මාවතේ පාවෙන අවන්හල අවට අනවසරයෙන් ඉදිකර තිබූ කඩ ඉවත් කිරීමට පිටකොටුව පොලිසිය අද එම ස්ථානයට ගිය ද ලැබුණු පණිවිඩයක් හේතුවෙන් නැවත හැරී යාමට පොලිසියට සිදුවිය.

පොලිසිය එම අනවසර කඩ ඉවත්කිරීම සදහා බැකෝ යන්ත්‍ර සහ ට්‍රැක්ටර් රථය රැගෙන එම ස්ථානයට පැමිණි තිබුණි.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයකු පැමිණ එම කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර ලෙස කළ ඉල්ලීමට අනුව පොලිසියට නැවත හැරීයාමට සිදුවිය.