(අංජුල මහික වීරරත්න)
පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ( E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසූයේ
ජාතික බස් සංගම් හතක් ද මේ වන විට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බවත් පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය එහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරියට කලොත් බස් වල නියම ආදායම ගන්න පුලුවන්, කප්පම් දෙන එක නතර කරන්න පුලුවන්, බස් මඟ දිගට කොටන එකත් නතර කරන්න පුලුවන්, මගීන්ගේ මාරු සල්ලි වලට විදින එකත් නතර කරන්න පුලුවන්. කොච්චර අඬබෙර ගැහුවත් නොකෙරෙන එක තමා අවුල.