
(යොහාන් භාසුර)
මගී ප්‍රවාහන සාමාන්‍ය බස් රථයක මිල රුපියල් ලක්ෂ 160ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් බස් රථවල අමතර කොටස් මිල ද ඉහළ ගොස් ඇති බවත් බස් රථ ව්‍යාපාරිකයෝ පවසති.
නව බස් රථයක් මීට පෙර රුපියල් ලක්‍ෂ 75ක පමණ මිලක පැවැති බවත් වසර දෙක තුනක කාලයක් තුළ බස් රථයක මිල සියයට 120කින් පමණ ඉහළ ගොස් ඇති බවත් බස් රථ ව්‍යාපාරිකයෝ කියති.
ලක්‍ක්‍ෂ දෙකක පමණ මිලක පැවැති පමණ බස් රථයක් මේ වන විට රුපියල් ලක්ෂ 15 ක් පමණ වී ඇති බව කියන බස් ව්‍යාපාරිකයෝ ඒ හේතුවෙන් පාවිච්චි කළ බස් උපාංග ද සොයාගත නොහැකි වී ඇති බව ද සඳහන් කළහ.
පැරණි බස් මිල ඉහළ යෑම නිසා අමතර කොටස් සඳහා බස් රථ කෑලි කිරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් ඒ හේතුවෙන් බස් කර්මාන්තය මේ වන විට දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් බස් ව්‍යාපාරිකයෝ වැඩි දුරටත් සඳහන් කළහ.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2454
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස් රථයක මිල එකට එකක් වැඩී වෙලා
රුවන් Thursday, 27 February 2025 01:52 PM
ලංකාවේ මිනිස්සු බස් කියන්නේ ලොරි චැසි ලොරි වලට නේද? කොහොමත් ලොරි වලට හැම රටකම බදු ගහනවා පරිසර දුෂණය ඉහළ නිසා.
nipuna Thursday, 27 February 2025 02:00 PM
ඩීසල් එන්ජිමට භූමිතෙල් දාන්නෙ නැතුව, වාහනේ පරිස්සමෙන් පදිනවා නම් අමතර කොටස් මිල වැඩිවීම එච්චර ගැටලුවක් නෙමෙයි.
Dinesh Thursday, 27 February 2025 02:20 PM
ඩොලරය රු160 පමණ සිට 300 දක්වා වැඩි වීමයි මේකට හේතුව.
සුපුන් චාමර Thursday, 27 February 2025 02:28 PM
බස් කාරයො බස් එලවන්නෙ පාඩුවට. ත්‍රීවීල් කාරයො ත්‍රීවිල් එලවන්නෙ පාඩුවට. බේකරි කාරයො පාන් විකුණන්නෙ ෆාම් කාරයො බිත්තර විකුණන්නෙ පාඩුවට. ගොවියො වී විකුණන්නෙ පාඩුවට. ඇයි හැමෝම මෙහෙම පාඩුවට වැඩ කරන්නෙ. වෙන දෙයක් කරන්න පුලුවන්නෙ
Pankumburage Thursday, 27 February 2025 04:03 PM
දැන් මන්ත්‍රිලා මන්ත්‍ර්‍රිකම කරන්නෙත් පාඩුවට. අඩුවට කන්නත් නැ.කාරුත් නැහැ.කාර් පර්මිටුත් නැහැ.ආරක්ෂකයොත් නැහැ. කොමිස් ගන්න විදියකුත් නැහැ.ඔය මන්ත්‍රිලා කියන්නෙ.
රනේ Thursday, 27 February 2025 03:16 PM
අපිටත් ජීවත්වෙන්න ගිහින් හොඳටම පාඩුයි අනේ. මැරෙන එක ඊට පාඩු නිසා ඉවසන්නේ...!
Deshabandu Thursday, 27 February 2025 03:31 PM
මහජනතාව හැරෙන්න අනිත් ඔක්කෝම පාඩු ලබන අයයි
Manoj Thursday, 27 February 2025 05:18 PM
මූලික වියදම් අඩු වුණාට කවදාවත් ඒ අය සපයන සේවාවන් වල මිල අඩු වෙන්නේ නැති කර්මාන්ත ලංකාවේ ගොඩක් තියෙනවා.
මෞඩ සජී Thursday, 27 February 2025 06:24 PM
බස් එකේ පිටිපස්සේ දොරෙන් නැගලා ඉස්සරහ දොරෙන් බැස්සොත් රුපියල් තිහයි. බස් දුවන එක පාඩුයි කියලා බස්කාරයෝ තවත් බස් ගන්නවා. බොරු නම් ගැමුණුගෙන් අහන්න...!