
(එච් එම් ධර්මපාල)
දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිස්ස ටෙම්පල්පාර පලවන හරස් පටුමග පදිංචිව සිටි ත්‍රීරෝද රථ රියදුරකු වන දෙහිවලගේ ඇන්ටන් ක්‍රිශාන්ත නම් ( 56 ) හැවිරිදි විවාහක අයෙකුවේ .
ගල්කිස්ස දෙස සිට කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක 101 හා 155 දරන බස්රථ දෙකක් මෙලෙස අනතූරට පත්ව ඇති බවත් පොලීසිය කියයි .
මෙම බස් රථ දෙක ගල්කිස්ස දෙස සිට මාර්ගයේ තරගයට ධාවනය කරමින් රංඩූ වෙමින් පැමිණ ඇති අතර, දෙහිවල මංසන්ධියේ ප්‍රධාන වීථි සංඥා පුවරුව පසුකර බිම් මාර්ගයෙන් කොළඹ දෙසට ධාවනය කරමින් එකීනෙක ඉස්සර කිරීමට උත්සාහ කරනූ ලැබු අවස්ථාවේ දී මෙම අනතුර සිදු ඇත.
ත්‍රීරෝද රථය බස් රථ දෙකට මැදිවීමෙන් රියදුරු ඒ තුල බරපතල තුවාල ලබා ත්‍රීරෝද රථය තුලම මිය ගොස් සිටියදී දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබු බව පොලීසිය කියයි .

2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් රථ දෙකට මැදී වු ත්‍රිරෝද රියදුරා අවසන් ගමන් යයි
Lakmal Thursday, 29 February 2024 12:05 PM
පෞද්ගලික බස් සේවය නියාමනය කිරීමට තව ජීවිත කීයක් නැති වෙන තුරු සිටිය යුතුද ?
චින්තක Thursday, 29 February 2024 01:01 PM
පුද්ගලික බස් රථ නියාමනයක් නොපමාව කරන්න ඕන එහිදී මෙහෙම එඑකිනෙකාට එරෙහිව රන්ඩුවෙමින් අනෙක් වාහන වලට අවහිරකම් ඇතිවෙන ආකාරයට බස් ධාවනය කලොත් මුලු ජීවිත කාලයටම ඔවුන්ගේ රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ඕන එහෙම කලොත් අනෙක් රියදුරෝ වුනත් හොදින්ම කටයුතු කරාවි වෙනත් දඩුවමක් අවශ්‍ය වෙන්නත් නැහැ