(ඩයනා උදයංගනී)

අධිවේගී මාර්ග සහ බස්රථ ගාස්තු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිසම සමග හෙට (04) පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම සාකච්ඡාව හෙට උදෑසන 10ට පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.