(සුමිත් පොතුපිටිය)
කතරගම සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් උවේයිස් අෆ්සාම් අහමඩ් නැමැති 26 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.
කතරගම සිට කොළඹ බලා පැමිණි මගීන් රැගත් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථය උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේ දී කොළඹ දෙසින් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බස් යතුරු පැදි ගැටී තරුණයෙක් මරුට