IMG-LOGO

බස් - මෝටර් රථ අනතුරින් වෛද්‍යවරයකු ඇතුළු පහකට තුවාල

(ට්‍රික්සි කොන්ස්ටන් සහ හිරාන් ප්‍රියංකර)

කොළඹ සිට වව්නියාව දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් හා වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක්  මාරවිල මූදුකටුවේදී එකිනෙක ගැටීමෙන් වෛද්‍යවරයා ඇතුළු පස් දෙනකු  තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල පොලීසිය කියයි.

මෙම අනතුරින් මාරවිල මූලික රෝහලේ  වෛද්‍යවරයකුගේ පාදයක් බිඳී බරපතළ තුවාල ලබා ඇති අතර බස් රථයේ රියදුරු සහ එහි ගමන් කළ තවත් මගියකු ගේ පාද බිඳී ඇතැයි මාරවිල පොලීසිය පවසයි.

මෝටර් රථය සහ බස් රථය පාර මැද මුහුණට මුහුණලා ගැටී ඇති බවත්, පාර දෙපස වැසි ජලය පිරී තිබූ බැවින් වාහන දෙකම මහා මාර්ගය මැදට සමාන්තරව ධාවනය කර ඇති බවත් පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

වාහන ගැටීමෙන් පසුව පාර අද්දර තිබූ කොට්ටන් ගසක් සුනුවිසුනු කරමින් අසල තිබූ තාප්පයක හැපී තාප්පයෙන් ඔබ්බට තිබූ නිවසකට ද හානි කරමින් බස්‍ රථය නැවතී තිබුණි.



අදහස් (0)

බස් - මෝටර් රථ අනතුරින් වෛද්‍යවරයකු ඇතුළු පහකට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 193 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 220 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site