IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බස් බස් ගැටී සිසුන් 21 ක් රෝහලේ

 (කේ බුද්ධික කුමාරසිරි)


නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම  දක්වා පැමිණෙමින් සිටි බස් රථයක පිටුපසින් පැමිණි තවත් බස් රථයක් පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ දී ගැටීම නිසාවෙන් අද (15) සිදු වූ අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් 21 දෙනෙකු සහ ගුරැවරියක පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල බව පාදුක්ක පොලිසිය පවසයි

නාරම්මල මයුරපාද මහා විද්‍යාලයේ සිසුන් පිරිසක්  රැගත් බස් රථ හයක් හෝමාගම පිටිපන නැනෝ තාක්ෂණික ආයතනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගී වීමට පැමිණෙන අතරතුර ඉදිරියෙන් පැමිණි බස් රථය වාහන තදබදයක් නිසාවෙන් තුන්නාන ප්‍රදේශයේ දී නැවැත් වූ අවස්ථාවේදී පිටුපසින් පැමිණි බස් රථය ඉදිරියේ නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසයි

අනතුරින් පසු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කල සිසුන් 18 දෙනෙකුට සුලු තුවාල පමණක් සිදුව ඇති බවත් වැඩිදුර පරීක්ෂණ සදහා සිසුන් තිදෙනෙකු හෝමාගම මූලික රෝහල වෙත මාරැ කර යැවූ බවත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් පාදුක්ක ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පාදුක්ක පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත



අදහස් (0)

බස් බස් ගැටී සිසුන් 21 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site