(නිමල කොඩිතුවක්කු)
ලංගම ඩිපෝ මගින් අඛණ්ඩව ඩීසල් ලබා දීමට එකඟතාවය පළ කිරීම හේතුවෙන් හෙට සිට(20) සමස්ත බස් රථ වලින් සීයට 50 ක් ධාවනයට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඒ අනුව අද සිට දිවයින පුරා බස්රථ 10,000 කට අධික ප්‍රමාණයක් ධාවනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
ලංගම ඩිපෝ මගින් දෛනිකව ඩීසල් ලීටර් ලක්ෂ අටක් පෞද්ගලික සහ ලංගම බස් රථවලට ලබාදීමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එකගත්වය පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද විජේරත්න මහතා කීවේය.
මේ සතිය තුල පෞද්ගලික බස් රථ වලින් 70% කට වඩා ධාවනයට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
මෝටර් රථ සහ යතුරුපැදි වෙනුවට හැකිතරම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ගැමුණු විජේරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ඩීසල් ටිකත් හම්බවෙලා, බස් ගාස්තුත් වැඩිකරලා දුන්නාම දුවන්නම්කෝ ඔක්කොම සෙනග එක බස් එකක හරි දාගෙන.. නේද ගැමුණු මහත්තයෝ..? කාර්, මෝටර් සයිකල් ඕනෙම නැහැ. මේ ප්‍රයිවට් බස් එකේම කොහොම හරි දෙකට, තුනට, හතරට නැමිලා යන්නම් ගැමුණු මහත්තයෝ...!
කියන්න නම් පුළුවනි, බලමු කොහොමද කෙරෙන්නේ කියලා...?