(පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා අවදානම මත හෙට සිට නිරෝධායනයට ලක් කර ඇති කුරුණෑගල නාගරික බළ ප්‍රදේශය හරහා ගමන් කරන කාර්යාල දුම්රිය සේවා සහ දුර ගමන් සේවා බස් සේවා කුරුණෑගල නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් රාජකාරි සඳහා කොළඹ බලා යන රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය සේවා වල සහ ආරක්ෂක අංශ වල සේවයෙහි නියුතු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් නවතා තිබූ කොළඹ බලා ධාවනය කරවූ දුම්රිය සහ දුරගමන් සේවා ලංගම බස් රථ ධාවනය හෙට සිට ඇරැඹුණ ද ඒවා හුදෙකලා කර ඇති ප්‍රදේශ වල නැවැත්වීමට අවසර හිමි නොවේ.
මේ නිසා කුරුණෑගල හරහා මහව සිට සහ ගනේවත්ත සිට ධාවනය වන කාර්යාල දුම්රිය කිසිවක් හුදෙකලා කර ඇති කුරුණෑගල නාගරික බළ ප්‍රදේශයේ පිහිටි මුත්තෙට්ටුගල සහ කුරුණෑගල දුම්රිය ස්ථාන වල නවත්වන්නේ නැති බව සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සහ කුරුණෑගල දුම්රිය ස්ථානාධිපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.
මෙම දුම්රිය වලට අමතරව කුරුණෑගල සිට පෙරවරු 6.20 ට කොළඹ බලා ධාවනය වන සීග්‍රගාමී දුම්රියද ධාවනය නොවන බවද ඒ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කුරුණෑගල නගරයෙන් ගමන් ආරම්භ කරන බස් ධාවනය වෙන්නේ අහසෙන්ද?