(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා පාසල් වලට බස්රථ පරිත්‍යාග කිරීම සම්බන්ධව විවාදයක් පවත්වමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා බස්රථ පරිත්‍යාග කරන්නේ නෑදෑ හිතවතුන්ට නොවේ යැයිද ප්‍රේමදාස මහතා කීය.
"රට ගොඩ ගන්න උදව් කරන්නැයි ආණ්ඩුවම ඉල්ලා සිටියා.මේ වන විට රජයේ පාසල් හැත්තෑවකට බස්රථ පරිත්‍යාග කර තිබෙනවා.
මෙි වැඩසටහනේදී කිසිම පුද්ගලයෙක් ආධාර අතට ගන්නේ නැහැ. බස්රථ පරිත්‍යාගය ගැන වෙනම විවාදයක් තියමු. මම උත්තර දෙන්නම්.ඡන්දෙ කාලෙට බස් රථ වල ස්ටිකර් ගහගෙන ගිහින් ඡන්දය ඉල්ලන්න හොඳයි .පාසල් දරුවන්ට බස් දෙන එක හොඳ නෑ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:-
මම බස් දීම විවේචනය කළේ නැහැ.බස් දුන්නාට පසු ජනතා විමුක්ති පෙරමුණ ඊලග සතියේ එහි රැස්වීමක් පවත්වා ඒක විවේචනය කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් වැඩ කරද්දී ඒවා කල නොහැකි නරි හූ කියනවා.
ප්‍රශ්නයකට උත්තර නැහැ, බස් තමුන්ගෙ ගෙදර හදනවද නැත්නම් සීනිබදු වගේ වංචාකාර දානපතියෙකු දෙනවද කියල කියන්න. ප්‍රසන්න රණතුංගලටත් විවේචන නැතුව ඇති එක වල්ලෙ පොල් නිසා, ඔබතුමා අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න නම් දන්නෙම නැහැ.
පාසලකට බස් රථයක් දීමක් නෙවෙයි ඒ පාසැල් ළමුන් ඉදිරිපිට දේශපාලනය කතා කරනකොට අප්පිරියයි.
කව්රු කළත් හොඳ වැඩේ හොඳයි. හොඳ දේට හොඳයි නොකියන්න තරම් අප කුහක නැහැ. අහිංසක පාසල් ළමුන් සඳහා බස් රථ ලබාදීම ගැන සමච්චල් කරන දේශපාලන කුහකයින්ගේ සැබෑ යථාර්ථය රටේ ජනතාව අවබෝධ කරගත යුතුයි. ඒ කාලේ ඉන්දියාවෙන් ගිලන් රථ සේවාව ලබාදීම ගැන සමහරුන් මොනවාද නොකීවේ.? ඒත් දැන් ඒ සේවාවෙන් දුප්පත් රෝගීන් මොනතරම් සේවයක් ලබා ගන්නවද? දැන් ඒ ගැන මීක් නැහැ. තම දේශපාලන පටු අරමුණු වෙනුවෙන් හොඳ දේට හොඳයි කියන්න බැරි මිනිසුන් මේ රට බාරගැනීමට සිතන්නේ නම්, ඔවුන් මීට වඩා කාරුණික හා ආචාරශීලී පරහිතකාමී ආකල්ප ඇතිඅය විය යුතුයි. කව්රු තරහ වුණත්, කාට වැදුණත් අප පැවසුවේ ඇත්ත...
මේ බස් දෙන්න වියදම් කරන්නේ ඉදිරියේදී සජිත්ගේ ආණ්ඩුවක් ආවොත් වාසි ගන්න බලාගෙන ඉන්න ජාවාරම්කාරයෝයි. නීතියෙන් බේරෙන්න බලාගෙන ඉන්න අපරාධකාරයෝයි...
බස් දෙන එක මම විවේචනය කරන්නේ නැහැ.. නමුත් මෙම කාලයේ සියලු දෙනා ආර්ථික ප්‍රශ්නවලින් පීඩිත වෙලා සිටින නිසා, ළමුන්ට එම මුදලින් කොපිපොත් දුන්නා නම් හොඳ බව මගේ අදහසය...
වැස්ස දවසට පන්ති තෙමෙන පාසල්වලට, එදිනෙදා පාසල් වැඩ කටයුතු කරගෙන යන්න බැරි ළමයින් සිටින පාසල්වලට බස් පරිත්‍යාග කරනවාට වඩා එම බස්රථ සඳහා වැයවෙන මුදලින් එම පාසලේ අරමුදලක් ඇතිකර එම මුදල බැංකුවේ තැන්පත් කර ලැබෙන පොලියේ ළමයින්ගේ අවශ්‍යතා හෝ පාසලේ අවශ්‍යතා සම්පූර්ණ කරනවා නම් ඊට වඩා වටිනවා නේද? සමහර පාසල්වලට බස්රථ පවත්වාගෙන යන්න මුදල් නැත. කවුද බස්රථය සර්විස් කරන්න... අවුරුදු පතා ලයිසන් ගන්න, ඉන්ෂුවරන්ස් හා රෙපයාර් වියදම් දරන්නේ?
මම මේ ඇහුවාමයි අලුත්ම අදහසක්.. නඩත්තු කරගන්න බැරි කෙනෙකුට බස් එකක් දුන්නාම බස් කර්මාන්තයා දියුණු වෙනවා කියලා. හලෝ මෙතැනට ඇමරිකාවයි, බණ්ඩාරනායක මහතාවයි, ඇමරිකාවේ පිටි ගැනයි, මගේ දේශපාලනයයි එකක් වත් අදාළ නැහැ. මම බොහොම කෙටියෙන් කිව්වේ තමන්ටවත් නඩත්තු වෙන්න බැරි පාසලකට දෙන්නම් වාලේ බස් දීලා වැඩක් නැහැ. අරමුදලක් පිහිටෙව්වොත් එහි පොලියෙන් අවශ්‍ය වෙලාවක් බස් එකක් හයර් එකට ගනීවි. මෙහෙම හිතන මැට්ටන් ඉන්න රටකට හරියාවිද? නිකන් ලැබෙනවා නම් හොරිත් මොකද කස කස ඉන්න පුළුවන් නම්...
කව්ද හලෝ කිව්වේ ඇමරිකාව පිටි මුහුදට දානවා කියලා? ඔහේ ගිය ඉස්කෝලේ භූගෝල සර්ද කිව්වේ? එහෙම වෙනවද කියලා හිතන්න මොලයක් නැති ඔහේ ඔහොම කමෙන්ට් එකක් ලියන එක පුදුම නැහැ..
උන්ට මොලේ නෑ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නෑ