(අජිත්ලාල් ශාන්තඋදය  සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය මිද්දෙනිය පාරේ කුඹුගොඩආර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ලංගම බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තිදෙනෙකු තුවාල ලබාඇති බව ඇඹිලිපිටිය පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරු වු කටුවන, බූරැන්දයායේ පදිංචිකරුවෙකු වු ජී.ඒ.රංජිත් නැමැති පනස් හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලබා ඇත්තේ ද ත්‍රිරෝද රථයේ පැමිණි තිදෙනෙකි. ඔවුන් ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

ලංගම බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. ඇඹිලිපිටිය පොලීසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.