(යොහාන් භාසුර සහ දිල්රුක්‍ෂි ග්‍රේරු)

ඩීසල් මිල රුපියල් 80 කින් අඩු කිරීමට සාපේක්‍ෂව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා මෙන්ම සමස්ත බස් ගාස්තුව සියයට 30 කින් වහාම අඩු කළයුතු යැයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බස් ගාස්තු වහාම සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කළ යුතු බව කියන සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය එමගින් මෙරට මගී ජනතාවට වාහාම සහනයක් සැළසිය යුතු බව ද වැඩි දුරටත් සඳහන් කරයි.