IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ බස් ගාස්තු වැඩි කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

පවතින තත්වය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ඉල්ලීම් කර ඇතත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී දිලුම් අමුණුගම මහතා මේ බව පැවසීය.

බස් සංගම් වල ඉල්ලීම් පිළිබදව එම සංගම් හා සාකච්ඡා කරමින් යම් එකගතාවන් වලට පැමිණ ඇති බවත් ඉදිරි සතිය තුල  කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්ති මාලාවක් සකසන බවත් ⁣දිලුම් අමුණුගම අමාත්‍යවරයා කීවේය.
සෞඛ්‍ය අංශ වල උපදෙස් පරිදි කොවීඩ්  19 ප්‍රතිපත්තියට අනුව  බස්රථ ධාවනය කිරීමේදී මගීන්ගේ සුරක්ෂිත බව පිළිබදව වැඩි අවධානයක් යොමුකරන බවද ඔහු සඳහන් කළේය.

කොවීඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය අනුව බස්රථ ගාස්තුවෙහි සුළු වෙනසක් සිදුවිය හැකි වුවත් කොවීඩ් තත්වයෙහි තුරන් වීම පිළිබද තහවුරු කළ පසු  බස්ගාස්තු යළි පෙර තිබූ අයුරින්ම අය කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යරයා පැවසීය.

පවතින තත්වය හමුවේ මගීන් පිළිබදව මෙන්ම බස්රථ හිමියන් පිළිබදව ද  සාධාරණ ලෙස විමසිලිමත් විය යුතු බවත්, ඒ අනුව දෙපාර්ශවයම අපහසුතාවයට පත් නොවන ලෙස තීරණ ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

උසස්පෙළ විභාගයෙන් පසු ඇදිරිනීතිය ඇති ප්‍රදේශ වල බස් රථ ධාවනය සිදුවන්නේ ද යන්න මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයට අමාත්‍යවරයා පවසා සිටියේ උසස් පෙළ විභාගය අවසන් වූ පසු ඇදිරිනීතිය ඇති ප්‍රදේශවල  බස්රථ හා දුම්රිය ධාවනය  අත්හිටුවන බවයි.

ඇදිරිනීතිය තිබියදීත් බස්රථ හා දුම්රිය ධවනය කරනු ලැබුවේ උසස් පෙළ විභාගය නිසාම බවත් එම විභාගය අවසන් වූ පසු  ඇදිරිනීතිය පවතින කාලය තුළ බස්රථ හා දුම්රිය ධාවනය කිරීමට හේතුවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (3)

බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ

කුමාර Thursday, 05 November 2020 12:57 PM

(කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තිය අනුව බස්රථ ගාස්තුවෙහි සුළු වෙනසක් සිදුවිය හැකි වුවත්...........) ඒ කියන්නෙ බස් ගාස්තු වැඩි කරන්නෙ නෑ කියන කතාව බොරුවක්.

:       2       3

Puppa Thursday, 05 November 2020 01:23 PM

මෙයා වෙන්නැති බස්වලට සල්ලි දෙන්නෙ ඩීසල් ගහන්න .

:       2       3

VIPULA Friday, 06 November 2020 06:22 AM

බස් ගාස්තු නියම කරන්නේ බස් එකේ ඉහෙන් කණින් එල්ලන් යන විදිහ බලලා නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31628 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14044 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site