
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ගමන් ගත් 12දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙක් පැවසීය.
නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංණයාය දකවා ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ වූ ප්‍රපාතයෙන් වූ වතු මාර්ගයට පෙරලි මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියා සිටියේ.
අනතුරින් වෑන් රථටයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච ඵීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ "
වහාම මාර්ග බාධක යොදා රියදුරන්ගේ ගංජා, අයිස්, කුඩු පරීක්ෂා කිරීම ආරම්භ කළ යුතුව ඇත.
රථ වාහන ප්‍රමාණය වර්ධනය වන තරමට මාර්ග පද්ධතිය ප්‍රසාරණය වන්නේ නැත. අනාරක්ෂිත මාර්ග පද්ධතිය, නොසැලකිල්ලෙන් රිය පැදවීම, ඇතැම් තාක්ෂණික හේතු අනතුරුවලට හේතු වේ...
කඳුකර මාර්ග වල වාහන ධාවනය ගැන මනා දැනුමක් නැති රියදුරන්, පල්ලම් බසින විට වාහනය වේගයෙන් ධාවනය කරමින් තිරිංග නිරතුරුව ක්‍රියාත්මක කිරීමෙන් තිරිංග පද්ධතිය අධික ලෙස රත් වී සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත වෙනවා. එවිට මෙවැනි අනතුරු සුලභව දැකිය හැකිය.
කටුගෙට යන්න ඕන වාහන, පව් අසරණ මිනිස්සු අලුත් වාහනේක යන්න විදියක් නැතුව පෙරලිලා මැරිලා යනවා...