
(සුරංග රාජනායක )
ගම්පොල පෙරට්ටාසි සිට පුස්සැල්ලාව දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් කාච්චමලේ වීඩන් කොටසේ දී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් දෙදෙනකු මිය යාමත් සමග කිසියම් පිරිසක් බස් රථයට ගිනි තබා ඇතැයි පුපුරැස්ස පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පෙරට්ටාසි රම්බොඩ පදිංචි සුරේන්ජිත් පුෂ්පකුමාර් 39 හැවිරිදි අයෙක් හා හෙල්බොඩ උතුර කටුකිතුල පදිංචි විජය කුමාර් කවිෂ්කර් (20) නැමැති දෙදෙනායි.
පවතින ඉන්ධන හිගය සමග ගමන් බිමන් යාමට වාහන කිසිවක් නොමැතිව සිටි පිරිස මෙම බසයේ දොරේ ද එල්ලි පැමිණ ඇති අතර ඔවුන් සමග මෙම බස් රථය වීඩන් ප්‍රදේශයේදී මාර්ගයේ පැති බැම්ම ට හේතු වී තිබේ.
ඒ සමගම එයට සිරවී ඇති මෙම දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් සිටි බව පොලිසිය පවසයි.
මෙම බස් රථයේ මගින් අසූවක් පමණ ගමන් කොට තිබේ
සිද්ධිය සමග එම ස්ථානයට පැමිණි විශාල වතු ජනයා කෝපයට පත්ව පසුව බස් රථයට ගිනි තැබීම නිසා මෙම බස් රථයද සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබේ.
බස් රථයේ ඇතුලේ සිටි කිසිවකුට හානි සිදුවී නොමැති අතර දොරේ එල්ලී ආ තවත් අයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි .
බැම්මට හා බස්රථයට සිරවී සිටි දෙදෙනා පිටතට ගැනීම සඳහා පැයක් පමණ ගත වී තිබේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක්... තිබිච්ච බස්එකට ගිනිතියලා දැන් ඉතින් පයින් යන්න වෙනවා.