
(බී.ජි. චතුරංග )
ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපියල් ලක්ෂ දෙකකට වැඩි ඩීසල් තොගයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අනුරාධපුර වලව්වත්ත සහ රාම කැලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
ඩීසල් ලීටර් 33000ක් රැගෙන අනුරාධපුර තොග ගබඩා වෙත පැමිණ තම වාරය පැමිණෙන තෙක්, තොග ගබඩාව ඉදිරිපිට නවතා තිබියදී මෙම සොරකම සිදු කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd