
(සුජිත් හේවාජුලිගේ)
බලශක්ති අමාත්‍ය ඉංජිනේරැ කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂයෙන් බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විරෝධය මතු කර ඇතැයි වාර්තාවේ.
මෙම යෝජනාව සකස් කර ඇති ආකාරය වැරදි බව ඔවුහු පෙන්වා දෙති.
කුමාර ජයකොඩි මහතා පොහොර සංස්ථාවේ වැඩ කළ සමයේදී එල්ලව තිබූ යම් චෝදනාවක්ද මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර අැති බවත් විශ්වාසභංග යෝජනාව අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කරන්නක් හෙයින් ඊට ඇතුළත් කළ හැක්කේ ඔහු එම ධූරයේ සිටියදී එල්ල වන චෝදනා පමණක් බවත් ඔවුහු ප්‍රකාශ කරති.
මේ පිළිබඳව එම විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී අදහස් දැක්වීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.
බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 10 වැනිදා සිකුරාදා විවාදයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd