(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.
විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (4) රැස්විය. පනතට අනුමැතිය හිමිවූයේ එම රැස්වීමේදීය.
ඉන්ධන ආනයනය, සැපයුම සහ බෙදාහැරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අමතරව අනෙකුත් පාර්ශ්ව සඳහා පහසුකම් සලසාදීමට මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසෙයි.
මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ එම්. එස්. තවුෆික් යන මහත්වරුද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd