(යොහාන් භාසුර)
මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමන කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී ස්ථාපනය කරන බවත් එමගින් සමස්ත බලශක්ති ක්ෂේත්‍රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ලිහිසි තෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව කී අමාත්‍යවරයා සියලුම ආනයනික ලිහිසි තෙල් වර්ග වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතව ඇති 1200 කට ආසන්න වන පිරවුම් හල්වල විකිණිමට පහසුකම් සලසන අතර එමගින් පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ඒවා මිලට ගැනිමේ අවස්ථාව ලැබන බව ද සඳහන් කළේය.
වෙළඳපොළ ඒකාධිකාරයක් ඇති නොවන පරිදි, ගුණාත්මක නිෂ්පාදන සියල්ල වෙනුවෙන් යහපත් තරගකාරී වෙලදපොලක් නිර්මාණය කිරීම අවශ්‍ය බව ද අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.
නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා සාකච්ඡා කිරීමට, මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා එසේ කීය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලශක්ති ක්ෂේත්‍රය නියාමනයට නව ස්වාධීන ආයතනයක්