(සුජිත් හේවාජුලිගේ )

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහිව  විශ්වාසභංග  යෝජනාව කතානායකවරයාට ලබන 18 වැනිදා  බාරදීමට  සමගි ජන බලවේගය තීරණය කර ඇත.

මෙම විශ්වාසභංග  යෝජනාවට  අත්සන් ගැනීම ලබන 17 වැනිදා සිදු කිරීමට   නියමිතය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසන්නේ ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම සහ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වීම  යන කරුණු පදනම් කරගෙන ඔහුට විරුද්ධව මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන බවයි.

මේ සඳහා විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගෙන්ද  ආණ්ඩුවේ සිටින ස්වාධීන මත දරන මන්ත්‍රීවරුන්ගෙන්ද සහය බලාපොරොත්තු වන බව   ඔහු ප්‍රකාශ කළේය.

බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු  රැසක්  පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදීද අදහස් දැක්වූහ.

නොරොච්චෝලේ  ලක්විජය බලාගාරයටගල් අඟුරු ගෙන්වීමේදී රුපියල් කෝටි 848 ක පාඩුවක් සිදුව ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව  යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පාර්ලිමේන්තු  ආංශික අධීක්ෂණ කාරක සභාවට භාරදුන් වාර්තාවේ සඳහන්වේ