(අංජුල මහික වීරරත්න)

චෝදනා තියෙන බලශක්ති ඇමති ඉල්ලා අස්වන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එවැනි චෝදනාවක් තිබෙන අයෙක් ඉල්ලා අස්වීමට විපක්ෂය කියන තුරු සිටිය යුතු නැති බවද රාජපක්ෂ මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවැසූයේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

"බාල ගල් අඟුරු ගෙනාවා කියලා ඇමැතිවරු අද පිළිගන්නවා.හැබැයි පාඩුව ගෙවන්න වෙන්නේ ජනතාවට.ආණ්ඩුවම කියනවා බඩුබාලයි කියලා. ඒ පාඩුව ජනතාවගෙන් අය කර ගැනීම සාධාරණද?

ජවිපෙ බලයට එනකොට කිවුවෙ අපේ ලග චෝදනා තියෙන හොරකම් කරපු කවුරුත් නෑ කියලා.හැබැයි දැන් බලශක්ති ඇමතිට  අධිචෝදනා ගොනු කරලා  තියෙනවා. හරිනම් විපක්ෂය කියනකන් ඉන්න ඕනෙ නෑ ඉල්ලා අස් වෙන්න ඕන යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.