IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බල්ලන් සමඟ හාල් ගෙන ගිය දෙන්නාට දඩ සහ වසර 5ක අත්හිටවු සිරදඬුවම්

(සමිපත්   ප්‍රියනන්දන  සහ  නාලක ජේ   හෙට්ටිආරච්චි)

බල්ලන්  දෙදෙනකු සමග  ලොරි  රථයකින්  සහල්  කිලෝ  8,750 ක් ප්‍රවාහනය  කර බලන්ගොඩ  නගරයේ   වෙළෙඳසැල්  වලට  බෙදා  හැරි  ලොරි  රථයේ  රියදුරුට  සහ  සහල්  මෝලේ  හිමිකරුට  එක්  අයෙකුට රුපියල්  දස දහස  බැගින්  දඩ  සහ වසර  තුනක  බරපතළ  වැඩ  සහිත  සිර  දඬුවම්   වසර  පහකට  අත් හිටුවීමටද බලන්ගොඩ  මහෙස්ත්‍රත්  භාග්‍යා  දිල්රුක්  වික්‍රමසිංහ  මෙනවිය  අද  (10) නියම කළාය.

මෙිි අතර එක්  අයෙකු  වෙනුවෙන්  නියම  කළ දඩ  මුදල  නොගෙවන්නේ   නමි  තවත්  මසක පමණ කාලයක  සිහිල්  සිර  දඩුවමක්  ලබා  දෙන  ලෙස  නියෝග   කළාය.

තිස්සමහාරාම   සුරියවැව  පදිංචි  සමන්ත  අනුර  කුමාර  සහ  සුරංග  කොඩිතුවක්කු  යන  අයට  දඩුවම් නියම  කෙරිණි.එමෙන්ම සහල්  තොග  අධිකරණ  බාරය‍ෙතබන   ලෙසත්  ලොරි  රථය  රැපියල්  ලක්ෂ  පනහ  බැදුමිකරයක්  මත  නිදහස්  කරන  ලෙසද  එහි   නියෝග  කෙරිණි.

සහල්  තොගය  සත්ව  ආහාර වශයෙන්  සතුන්ගේ පරිභෝජනය සදහා  මුදා  හැරීම සදහා  ප්‍රධාන  ආහාර  බළධාරියා  ලෙස  සලකන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජෙනරාල්  වරයාගේ වාර්තාවක්  කැදවා  ලබන  31  වැනිදා   අධිකරණය  ඉදිරිපත්  කරන  ලෙසද  එහිදී  මහජන සෞඛ්‍ය  පරික්ෂක වරුන්  වෙත   මහෙස්ත්‍රාත්වරිය  නියෝග   කළාය.

ලක්ෂ  විසි  හතරක්  වටිනා  එම  සහල්  තොගය   ඉකුත්  04  වැනිදා    තිස්සමහාරාම ප්‍රදේශයේ  සිට  බල්ලන් දෙදෙනකු සමග   ප්‍රවාහනය  කර  බලන්ගොඩ   නගරයේ ඇති  වෙලෙද සලකට  බෙදා  හරිමින්  සිටියදී   බලන්ගොඩ   සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින්  විසින්   එම  වැටලීම  සිදු කර තිබිණි.
 



අදහස් (3)

බල්ලන් සමඟ හාල් ගෙන ගිය දෙන්නාට දඩ සහ වසර 5ක අත්හිටවු සිරදඬුවම්

karolis Friday, 10 January 2025 06:15 PM

අත්හිට වූ සිරදඬුවම් දීලා නිකන් ඉඳලා මදි. criminal record එකකට දාලා අදාළ පුද්ගලයාට දැනෙන විදියට යමක් විය යුතුයි. ණයක් ගන්න, රක්ෂණයක් ගන්න, දුරකථන සම්බන්ධයක් ගන්න, බැංකු ගිණුමක් විවෘත කරන්න ආදී කටයුතු මෙවැන්නන්ට අපහසු කළ යුතුයි. නැත්තන් දැනෙන්නේවත් නෑ..

:       10       12

sam Saturday, 11 January 2025 06:23 AM

ඕවට දෙන්න ඕනෑ කසපහර 10ක් විතර.. එතකොට තමයි හැදෙන්නේ. නැතිනම් ඔවුන් ඕවා ගණන් ගන්නේ නෑ.

:       0       5

Nandalal de Silva - France Saturday, 11 January 2025 11:32 PM

දැන් රටේ තිබෙන දැවෙන හාල් ප්‍රශ්නය නිසා, තමන්ගේත් සහල් තොගයේ ආරක්ෂාවත් වෙනුවෙන් ඔහු (හෝ ඔවුන්) බල්ලන් රැගෙන ගියාද කියා මගේ අදහසයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site