
(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බල්ලන් දෙදෙනකු සමග ලොරි රථයකින් සහල් කිලෝ 8,750 ක් ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වලට බෙදා හැරි ලොරි රථයේ රියදුරුට සහ සහල් මෝලේ හිමිකරුට එක් අයෙකුට රුපියල් දස දහස බැගින් දඩ සහ වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත් හිටුවීමටද බලන්ගොඩ මහෙස්ත්‍රත් භාග්‍යා දිල්රුක් වික්‍රමසිංහ මෙනවිය අද (10) නියම කළාය.
මෙිි අතර එක් අයෙකු වෙනුවෙන් නියම කළ දඩ මුදල නොගෙවන්නේ නමි තවත් මසක පමණ කාලයක සිහිල් සිර දඩුවමක් ලබා දෙන ලෙස නියෝග කළාය.
තිස්සමහාරාම සුරියවැව පදිංචි සමන්ත අනුර කුමාර සහ සුරංග කොඩිතුවක්කු යන අයට දඩුවම් නියම කෙරිණි.එමෙන්ම සහල් තොග අධිකරණ බාරයෙතබන ලෙසත් ලොරි රථය රැපියල් ලක්ෂ පනහ බැදුමිකරයක් මත නිදහස් කරන ලෙසද එහි නියෝග කෙරිණි.
සහල් තොගය සත්ව ආහාර වශයෙන් සතුන්ගේ පරිභෝජනය සදහා මුදා හැරීම සදහා ප්‍රධාන ආහාර බළධාරියා ලෙස සලකන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ වාර්තාවක් කැදවා ලබන 31 වැනිදා අධිකරණය ඉදිරිපත් කරන ලෙසද එහිදී මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වෙත මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ලක්ෂ විසි හතරක් වටිනා එම සහල් තොගය ඉකුත් 04 වැනිදා තිස්සමහාරාම ප්‍රදේශයේ සිට බල්ලන් දෙදෙනකු සමග ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ ඇති වෙලෙද සලකට බෙදා හරිමින් සිටියදී බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින් විසින් එම වැටලීම සිදු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්හිට වූ සිරදඬුවම් දීලා නිකන් ඉඳලා මදි. criminal record එකකට දාලා අදාළ පුද්ගලයාට දැනෙන විදියට යමක් විය යුතුයි. ණයක් ගන්න, රක්ෂණයක් ගන්න, දුරකථන සම්බන්ධයක් ගන්න, බැංකු ගිණුමක් විවෘත කරන්න ආදී කටයුතු මෙවැන්නන්ට අපහසු කළ යුතුයි. නැත්තන් දැනෙන්නේවත් නෑ..
ඕවට දෙන්න ඕනෑ කසපහර 10ක් විතර.. එතකොට තමයි හැදෙන්නේ. නැතිනම් ඔවුන් ඕවා ගණන් ගන්නේ නෑ.
දැන් රටේ තිබෙන දැවෙන හාල් ප්‍රශ්නය නිසා, තමන්ගේත් සහල් තොගයේ ආරක්ෂාවත් වෙනුවෙන් ඔහු (හෝ ඔවුන්) බල්ලන් රැගෙන ගියාද කියා මගේ අදහසයි.