IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බල්ලෙකුට වෙඩි තියලා ; විශ්‍රාමික කපිතාන් අල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)   

අසල්වැසි නිවසේ සුරතලයට ඇති කළ   සුනඛයාට වායු රයිෆලයකින්  වෙඩි තබා මරා දැමූවේ යැයි  කියන විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙක්  කඳාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29)  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සුනඛයාට වෙඩි   තැබීමට යොදා ගත් බව කියන එම වායු රයිෆලය ද  පොලිසිය බාරයට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන පොල්පිටිමූකලාන ප්‍රදේශයේ පදිංචි  55 හැවරැදි   විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙකි.

සුනඛයාගේ අයිතිකරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා  මෙම විශ්‍රාමික යුද හමුදා  කපිතාන්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන්  තුවාල ලැබූ සුනඛයා සැකකරුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ලේ පෙරාගෙන  වැටී සිටිය දී හමුවී ඇත. මෙම සුනඛයා රෑට  නිතර   නිවෙස ඉදිරිපිට ඇති මාර්ගයට පැමිණ බුරන හෙයින්  නිදා ගැනීමටවත් නොහැකි යැයි පවසමින් මෙසේ  වෙඩි තබා මරා දමා ඇති බව  විමර්ශනවලදී  තොරතුරැ  හෙළිවී යැයි  පොලීසියේ නිලධාරියෙක් කීය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා ගේ උපදෙස්   මත අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ලියනගේ මහතා ඇතුලු  පොලිස් නිලධාරීහු    කණ්ඩායමක්  සිද්ධිය  සම්බන්ධයෙන් වැඩිදුර  පරීක්ෂණ  පවත්වති.



අදහස් (7)

බල්ලෙකුට වෙඩි තියලා ; විශ්‍රාමික කපිතාන් අල්ලයි

chandima Tuesday, 29 October 2024 10:58 PM

බලන්න ආණ්ඩුව වෙන වුණු නිසා කපිතාන් අත්අඩංගුවට ගත්තා. ඉස්සර නම් අත්අඩංගුවට ගන්නේ බල්ලාව...

:       1       0

Damithre Tuesday, 29 October 2024 11:28 PM

ප්‍රතිචාරේ නම් තද වැඩියි. නමුත් බල්ලන් ඇතිකරන අය බලු වැඩ නොකර, අනික් අයට කරදර කරන්නැතුව ඇතිකරන්න දැනගන්න ඕනෑ. (මේ අයට කතාකරන්න ඉගැන්නුවා නම්, බුරන එකක් නෑ.) සමහරු උදෙන්ම සුරතලාව ලිහලා දානවා අසල්වැසියන්ගේ වත්ත, නැත්නං පාර ලස්සන කරලා එන්න...

:       0       5

Don perea Wednesday, 30 October 2024 02:44 AM

මුන් එක්කෝ මිනී මරනවා .දැන් බල්ලෝ මරනවා

:       1       2

ලුම්බිණි Wednesday, 30 October 2024 04:52 AM

මේක නම් බලු වැඩක් .

:       1       1

ජෙනරල් වාස් Wednesday, 30 October 2024 05:05 AM

හමුදා කපිතාන්වරයත් රෑකට පාරට ඇදලා දාලා, කැගහන්න කියලා, වෙඩි තියලා දැම්මා නම් ඉවරයි නෙ.

:       5       2

රට වැසියා Wednesday, 30 October 2024 12:30 PM

පොලිසිය හරි නම්, කල යුතුව තිබුනේ බල්ලාගේ අයිතිකරුද අත් අඩංගුවට ගැනීමයි. සතෙතු අයාල‍ේ යැවීම, අසල්වාසින්ට කරදරයක් වීම ද වැරුද්දකි. මෙය පලාත් පාලන නීතිවල සඳහන්ය. එම කපිතාන්වරයාට අපගේ ප්‍රණාමය, අයාලේ යන බල්ලෙකු රටේ අඩු වුණා. 70 දශකයේද අයාලේ යන බල්ලන්ට නගර වෙඩි තබා වඳ කරා. අයාලේ යන බල්ලන් මිලියන 3 කට වැඩිය රටේ සිටින බව වාර්තා වේ. මෙයින් සිදුවන අනතුර කිසිවකු ගණන් ගන්නේ නැත. ඊනීයා සත්ව කරුණාව පමණක් ක්‍රියාත්මක වේ.

:       3       5

prabash Wednesday, 30 October 2024 12:59 PM

කරපු දේ වැරැදියි. නමුත් මිනිසුන් දැනගන්න ඕන සුරතල් සතුන් අනිත් අයට කරදරයක් නැති විදිහට හදන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site