
(සුජිත් හේවාජුලිගේ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අසල්වැසි නිවසේ සුරතලයට ඇති කළ සුනඛයාට වායු රයිෆලයකින් වෙඩි තබා මරා දැමූවේ යැයි කියන විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙක් කඳාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සුනඛයාට වෙඩි තැබීමට යොදා ගත් බව කියන එම වායු රයිෆලය ද පොලිසිය බාරයට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන පොල්පිටිමූකලාන ප්‍රදේශයේ පදිංචි 55 හැවරැදි විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයෙකි.
සුනඛයාගේ අයිතිකරුවන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සුනඛයා සැකකරුගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ලේ පෙරාගෙන වැටී සිටිය දී හමුවී ඇත. මෙම සුනඛයා රෑට නිතර නිවෙස ඉදිරිපිට ඇති මාර්ගයට පැමිණ බුරන හෙයින් නිදා ගැනීමටවත් නොහැකි යැයි පවසමින් මෙසේ වෙඩි තබා මරා දමා ඇති බව විමර්ශනවලදී තොරතුරැ හෙළිවී යැයි පොලීසියේ නිලධාරියෙක් කීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතා ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ලියනගේ මහතා ඇතුලු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න ආණ්ඩුව වෙන වුණු නිසා කපිතාන් අත්අඩංගුවට ගත්තා. ඉස්සර නම් අත්අඩංගුවට ගන්නේ බල්ලාව...
ප්‍රතිචාරේ නම් තද වැඩියි. නමුත් බල්ලන් ඇතිකරන අය බලු වැඩ නොකර, අනික් අයට කරදර කරන්නැතුව ඇතිකරන්න දැනගන්න ඕනෑ. (මේ අයට කතාකරන්න ඉගැන්නුවා නම්, බුරන එකක් නෑ.) සමහරු උදෙන්ම සුරතලාව ලිහලා දානවා අසල්වැසියන්ගේ වත්ත, නැත්නං පාර ලස්සන කරලා එන්න...
මුන් එක්කෝ මිනී මරනවා .දැන් බල්ලෝ මරනවා
මේක නම් බලු වැඩක් .
හමුදා කපිතාන්වරයත් රෑකට පාරට ඇදලා දාලා, කැගහන්න කියලා, වෙඩි තියලා දැම්මා නම් ඉවරයි නෙ.
පොලිසිය හරි නම්, කල යුතුව තිබුනේ බල්ලාගේ අයිතිකරුද අත් අඩංගුවට ගැනීමයි. සතෙතු අයාලේ යැවීම, අසල්වාසින්ට කරදරයක් වීම ද වැරුද්දකි. මෙය පලාත් පාලන නීතිවල සඳහන්ය. එම කපිතාන්වරයාට අපගේ ප්‍රණාමය, අයාලේ යන බල්ලෙකු රටේ අඩු වුණා. 70 දශකයේද අයාලේ යන බල්ලන්ට නගර වෙඩි තබා වඳ කරා. අයාලේ යන බල්ලන් මිලියන 3 කට වැඩිය රටේ සිටින බව වාර්තා වේ. මෙයින් සිදුවන අනතුර කිසිවකු ගණන් ගන්නේ නැත. ඊනීයා සත්ව කරුණාව පමණක් ක්‍රියාත්මක වේ.
කරපු දේ වැරැදියි. නමුත් මිනිසුන් දැනගන්න ඕන සුරතල් සතුන් අනිත් අයට කරදරයක් නැති විදිහට හදන්න.