
(අංජුල මහික වීරරත්න)
2024 යල කන්නයේ වී වගා කිරීමේ දී ගොවි ජනතාවට වගා සහනාධාර වශයෙන් රුපියල් බිලියන 2.5ක් මේ වන විට ගොවි ගිණුම් වලටම යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ගොවීන් 213771ක් සඳහා රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිට ගොවි ගිණුම් ගත කර තිබේ. වගා සහනාධාර ලබා දී ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 167,362කි.
මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 450,000ක් පමණ වී වගා කරනු ඇතැයි අපේක්ෂා කරන අතර සියලුම වගා කරන කුඹුරු සඳහා ලබා දෙන මුල්‍ය සහනාධාරය රුපියල් බිලියන 7.5ක් පමණ වනු ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
2024 යල කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබා දීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
මේ අතර බොහෝ ගොවීන් වී වගාවන්ට යුරියා පොහොර පමණක් යොදන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුන් MOP හෙවත් බණ්ඩි පොහොර නොයෙදීම නිසා ගොයම් කරල් මෙන්ම වී ඇට ද සම්පූර්ණ නොවන බවත්, බන්ඩි පොහොර නොයෙදීම නිසා අස්වැන්න අඩු විය හැකි බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහනාධාර දෙන එක හොඳද දන්නෙ නෑ ආපදාවකදි ඇරෙන්න. හැම පුරවැසිවෙක්ම තම උත්සහයෙන් නැගිටිය යුතුයි. රජය කළ යුත්තේ ඊට සුදුපුතු පරිසරය සකස්කර දීම. බදු ගහ ගහා ලෝකෙ වටෙන් ණයට අරගෙන නිකම් බෙදන එක නෙවෙයි
එක අතකින් ප්‍රතිව්‍යුහගත කරණය නමින් රාජ සම්පත්, ගජ මිතුරන් සමග කුණු කොල්ලයට බෙදා ගන්නා අතර, ඡන්ද ළංවන විට විවිධ සහනාධාර සහ මුදල් බෙදලා, බඩුමිල අඩුකරලා ජනතාව රවටන නොමග යවන කැත, නින්දිත උත්සාහයක රනිල් රාජපක්ෂ කල්ලිය නිරතවෙලා ඉන්නවා. ඒකෙන් ඇත්තටම ඔවුන් ඊළඟ මැතිවරණය ජය ගැනීමට අපේක්ෂා කරනවාට වැඩිය ඊළඟට බලයට පත්වෙන කණ්ඩායමට රට කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා කරන්න උත්සාහ කරන බවකුයි පෙනෙන්නට තියෙන්නේ...!
ගොවීන් සඳහා සහනාධාර දීම ලෝකයේ පිළිගත් ප්‍රතිපත්තියක්. පිනට කෑමක් හෝ නිකම් ඉඳලා ගන්න මුදලක් නොවන අතර නිශ්පාදන පිරිවැය සඳහා ලබාදෙන දෙයක්...!
ඡන්දේ කිට්ටු වෙනකොට කරන වැඩ. ජනතාව ගොනාට අන්දලා බලයට ආවාට පස්සේ තමා දේශපාලුවන්ගේ නියම කෙරුවාවල් බලන්න වෙන්නේ. ඡන්ද ගුණ්ඩු වලට රැවටෙන වහල්ලු ඉන්න රටක් වෙචිචි...!
ස්තූතියි...! හැබැයි මේ පාර ඡන්දේ නම් දෙන්නේ නෑ.