IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක

(සුජිත් හේවාජුලිගේ)


ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට  දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන්  දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

ජාතික ජන බලවේගය දිනූ සභා එකසිය විස්සක එම බලවේගය දිනූ සභික  ධූර සංඛ්‍යාවට වඩා වැඩි සභික ධූර සංඛ්‍යාවක් විපක්ෂය හිමිකරගෙන සිටීම සහ  සභා විසි නමයක සභිකධූර සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ සභික ධූර සංඛ්‍යාවට   සමාන වීම  මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.


මෙම සභාවලින්  බොහොමයකට ආණ්ඩුව මෙන්ම විපක්ෂයද පාලන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින  බව  දැනගන්නට ඇත.


මේ සඳහා  පක්ෂ බොහොමයක් නීති උපදෙස්ද   ගනිමින් සිටී. කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගය සභික ධූර 48ක් හිමිව තිබියදී විපක්ෂයට සභිකධූර 69ක් හිමිව ඇති හෙයින් ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත්  එහි පාලන බලය පිහිටුවීමට කටයුතු කරන  බව දැනටමත් ප්‍රකාශ කර ඇත. මේ තත්වය හේතුවෙන් එම සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.


මේ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ  ඇතුළු  සෘජු තනි බලයක් නොමැති  සභාවන්හි පාලන බලය පිහිටුවීමට ලොකු කාලයක් ගත විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.


විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහ නගර සභාවට සමග ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත් කරගන්නා බව එම බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සඳහා ප්‍රධානීන් සහ සභිකයන් ඉතාම කෙටි කලකදී නම් කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීවේය.


ඔහු එසේ පවසද්දී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ කොළඹ මහ නගර  සභාවේ බලය පිහිටුවීමට ආණ්ඩුවද කටයුතු කරන බවයි. පළාත් පාලන මැතිවරණයේදී  ජාතික ජන බලවේගයට සභා 265ක බලය හිමි වූ අතර සමග ජන බලවේගයට හිමි වූයේ සබා 14ක බලයයි.

තමිල් අරුසුකච්චි පක්ෂයට ආයතන 37ක බලයද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආයතන පහක බලයද සෙසු පක්ෂ හා ස්වාධීන  කණ්ඩායම්වලට සභා දහඅටක බලයද  හිමිව ඇත. පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ස්ථාවර පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසන්නේ  ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා සමගි ජන බලවේගය සහ ස්වාධීන පක්ෂ සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කරන්නේ අර්බුදයකින් තොරව පළාත් පාලන ආයතනවල සභිකයන් සහ ප්‍රධානීන් පත් කර ගැනීම දේශපාලන පක්ෂවල වගකීමක් බවයි. මැතිවරණය බොහොම සාමකාමීව පැවැත්වුණ හෙයින් එම පත් කර ගැනීමේ කටයුතුද සාමකාමීව සිදුවනු ඇතැයි  එම සංවිධාන  අපේක්ෂා කරයි.



අදහස් (6)

බලය පිහිටුවන්න පක්ෂ රැසක් මහපොරයක

Perera Friday, 09 May 2025 09:24 AM

මාලිමාව සත්භාවයෙන් ජනතා සේවයක් කිරීමට වෙර දැරුවත් අනිත් අය ගැන නම් ලොකු සැකයක් තියෙනවා.

:       3       11

තුෂාර Friday, 09 May 2025 09:27 AM

ඒ පළාත් පාලන ආයතනවලට අයෙත් මැතිවරණයක් තියමු. ජාතික ජන බලවේගය සහ අනිත් ඔක්කොම එකට. එතකොට ජනතාව හරි එකක් තොරයි.

:       0       7

අරවින්ද මොණරවිල Friday, 09 May 2025 09:58 AM

තමන්ට නැති බලයක් වෙනුවෙන් සටන් කරලා සජිත් නාගෙන අනාගන්න හදන්නේ. මොකද මේ වේලාවේ ආණ්ඩු බලය තියෙන පක්ෂය එක්ක සහයෝගයෙන් වැඩ කරන්න විශේෂයෙන් ස්වාධීන කණ්ඩායම් සුදානම්.

:       1       8

ගමේ එකාලා Friday, 09 May 2025 11:13 AM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රීර්‍ර් මාන්ස හූරාගෙන කාපු දූෂිත දේශපාලුවන්ට තවත් බලතණ්හාව. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු එකාලා ගැන මොන කතාද?

:       1       8

Siri Friday, 09 May 2025 02:28 PM

එක්කෙනෙක් ටික කාලයකට ඉස්සර "ඒ ගොල්ලෝ සේරම යාළුවෝ මල්ලි" කීවේ කට කහනවාට නෙවේනේ. කතා දෙකක් නෑ. එක පැත්තකට ගියොත් රට හැදෙයි. අනිත් පැත්තට ගියොත් ඒගොල්ලෝ හැදෙයි...

:       0       5

NPP Friday, 09 May 2025 04:48 PM

බලය ගන්න පොරබදන්නේ වෙන මොනවාටත් නෙවෙයි, හොරා කන්න... නමුත් මාලිමා ආන්ඩුවත් එක්ක දෙවරක් සිතාබලන්න වේවි...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 88 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 293 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


සභා 149ක බලය අල්ලන්න විපක්ෂයෙන් ගේමක්
2025 මැයි මස 09 287 0

ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ


ලිංගික අල්ලස් ඉල්ලූ දිවිනැගුම නිලධාරි වසර 20කට හිරේ
2025 මැයි මස 09 399 0

දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය


’’තොරොම්බෝල් කඩ’’ පාරේ යන දවස නවත්වන කාලය කියයි
2025 මැයි මස 09 1395 2

මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායකයින්ගේ පෙත්සමට දින දෙයි
2025 මැයි මස 09 307 0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 19 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 332 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site