
(තරංග ගුනරත්න සහ නිමල් ලන්දගේ)
පාසලේ පිහිනුම් තටාකයට වැටී තිබූ බෝලය ගන්න පිහිනුම් තටාකයට පැන්න පාසල් සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බතීගම රෝහල් ආරංචි මාර්ග පවසයි.
විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී බෝලය අසල තිබූ පිහිනුම් තටාකයට වැටී තිබෙි
එම බෝලය ගැනීමට පිහිනුම් තටාකයට පනින ලද සිසුවා දියේ ගිලීම හේතුවෙන් බතිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුර (5 ) දින පස්වරු 6:30 පමන සිදුව ඇති බව සදහන් වන අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන වයස 17 පමන වන සේජාන් විස්මිත සචින්ත දේශප්‍රිය ඉල්ලන්නාථ නැමති දික්වැල්ල දොඩම්පහළ ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයෙකු බව සඳහන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායකයි. ඒත් පිහිනන්න බැරුව තටාකයකට පනින්නේ කවුද ?
ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. මෙවන් අකල් මරණයක් මෙම සසර ගමන පුරාවට ඒ පුතාට අත් නොවේවා! එසේම පසුගිය 70 වසරක සාපය තුළ නොව, දික්වැල්ල වැනි දුරබැහැර පෙදෙසක පාසලකටත් පිහිනුම් තටාකය ලැබී ඇත්තේ ජවිපෙ පුනරුදය තුළ බව සිතන්නට අපි පුරුදු වෙමු.