(ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ සිට මුල්ගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (18 ) පස්වරුවේ ලිස්සායාමෙන් සිදුවූ අනතුරතින් ගැබිණි මවක් ඇතුළු 05 දෙනෙක් තුවාළ ලබා බළන්ගොඩ මූලික රෝහළට ඇතුළත් කර ඇත.
අධික වර්ෂාව පැවති අවස්ථාවේ බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ ගැබිණි මව ඇතුළු පස්දෙනා බළන්ගොඩ මූළික රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ වැඩිපිරිසක් කාන්තාවන් බවද රෝහල් ආරංචි තහවුරු කරයි.
සිද්ධියට අදාළ පෞද්ගලික බස්රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් අදාළ විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව බළන්ගොඩ පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd