
(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නාය යෑමේ අවදානම මත බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හතරක සිසු සිසුවියන්ට අවදානම පහව යන තුරු නිවාඩු ලබා දීමට පාසල් බලධාරීහු පියවර ගත්හ.
ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාසයේ බුලත්සිංහල හල්වතුර දෙමල විද්‍යාලය, පරගොඩ කිතුලගොඩ කනිෂ්ඨ විද්‍යාලය සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලය යන විදුහල් ඊයේ(07) සිට තාව කාලිකව වසා එහි සිසු සිසුවියන්ට නිවාඩු ලබා දී ඇතැයි හොරණ කලාප අධ්‍යාපන කාර්යාලයේ පාසල් පරිපාලන අංශයේ ප්‍රකාශිකාවක් පැවසීය.
මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යලයද ගංවතුර තර්ජන හේතුවෙන් වසා අවදානම පහව යන තුරු දරුවන්ට තම නිවෙස්වල සිටින ලෙස දැනුම්වත් කර ඇතැයි එහි විදුහල්පතිපති සනත් මාලේවන මහතා අප කළ විමසීමකදී කීය.

2025 දෙසැම්බර් මස 18
308
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුලත්සිංහල පාසල් හතරක් වහයි
කිරිපුතා Thursday, 07 September 2023 07:59 PM
වැස්ස නැතිව ඉඳලා ඉඳලා දැන් වහිනකොට අයහපත් කාලගුණය ලෙස භාවිතා නොකර වැසි සහිත කාලගුණය ලෙස භාවිතා කළේ නම් වඩා සුදුසු යැයි සිතමි...