(සම්පත් ප්‍රියනන්දන සහ ප්‍රින්ස් රත්නායක)
බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් තුළදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 53දෙනාට දඩ ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය.
එයින් හෙරෝයින් ළඟ තබාගත් පුද්ගලයන් සිව්දෙනෙකුට 10,000 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා අයකුට 10,000 ක් ද සහ ගංජා ළඟ තබාගත් ඉතිරි 49 දෙනාට රුපියල් 2,500 සහ 3,000 ක දඩ ගෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස දඩ නියම වුයේ කාන්තාවන් සිව්දෙනෙකුට සහ පිරිමි පුද්ගලයන් 49 දෙනෙකුටය.
බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී සුරාබදු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා සුරාබදු අධිකාරියේ රත්නපුර කාර්යාලයට බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමෙකු සන්තකයේ හෙරොයින් තබා ගත් බව සනාථ කළ හැකි වන්නේ රසායනාගාර පරීක්ෂණයකින් පමණි. අනෙක් අතට හෙරොයින් තබා ගත්තේ නම් මෙවැනි සුළු දඩයක් ගෙවා නිදහස් විය නොහැක.
එතකොට ඕවා පාර්ලිමේන්තුවේ භාවිතා කරන අයට දඩ නැද්ද?
මොනවා? මං අහල තිබුනේ හෙරොයින් ග්‍රෑම් 1 ට වඩා ළඟ තිබුනොත් මරණ දණ්ඩනය දෙනවා කියලයි. ඔන්න දැනුයි තේරුනේ.
මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ එල්ලනවා කීවට කෝ ? මේ රටේ තරුණ පරපුර වනසන මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය විනාශ කලයුතුයි. ගම්වල ඉන්න මත්ද්‍රව්‍ය වෙළෙඳුන් ගැන ක්‍රියාකරන්න ගම්මු බයයි ,ඔවුන්ට පොලිසියේ ,හෝ දේශපාලනයෙන් ආරක්ෂාවක් නොලැබේ දෝ කියා අවිශ්වාසයක් තියෙනවා.
අවසර ලැබී හෝටල් වල පොහොය දිනවල පවත් වනු ලබන මංගල උත්සව වලදී , මත් වතුර /අරක්කු බොන අයට නිතිය ක්‍රියාත්මක කිරීමට නොහැකිද ? බොහෝ මංගල උත්සවවල මෙලෙසින් වෙරි වූ පුද්ගලයන් දැක ගත හැක ..