IMG-LOGO

බලංගොඩ තවත් අයෙක් අතුරුදන්

(වයි.ඵ්.ඵස් වීරවංශ)

බලංගොඩ සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු පෙරේදා  (08) උදෑසන සිට අතුරුදහන් වී ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි.

වයස අවුරුදු (38) ක් වන මෙම පුද්ගලයා සමනළවත්ත ප්‍රදේශයේ පදිංචි තුෂාර සමිපත් නැමැති විවාහක අයෙකි.

තම තේ වත්තට යන බව පවසා නිවසින් පිටව ගිය බව සිය බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කර තිබෙ.

දහවල් 11.00 වන වටත් නිවසට නොපැමිණි නිසා බිරිඳ තේ වත්තට ගොස් සොයා බැලීමේදී අතුරුදහන් වු පුද්ගලයා පැලද සිටි සෙරෙප්පු දෙකන් එකක් හා තේ දලු නෙලීමට යොදා ගත් පොහොර උරය සොයා ගෙන තිබේ.

ඊයේ දවස පුරා පොලීසිය මගින් පුලුල් සෝදයි මෙහෙයුමක් ආරම්භ කළ ද අතුරුදහන් වු පුද්ගලයා පිලිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලීසිය කියයි.

ඉකුත් (03) දින සිට සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි පුද්ගලයකු ද අතුරුදහන් වී අදට (11) දිනට දින නවයකි.

ඔහුට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව නිවසින් පිටව ගිය බව ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබිණි.

මීට වසර පහකට පමණ පෙර පාසල් දරුවකු වු (09) හැවිරිදි සහන් කුමාර ධර්මසිරි නැමති අයකු ද අතුරුදහන් වු අතර ඔහු පිළිබඳව ද මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලීසිය කියයි.

සමනළ වත්ත ප්‍රදේශයේ නිතර දිවියන් ගැවසෙන බව ප්‍රදේශීවාසිහු ප්‍රකාශ කරති. නිවෙස් වල ඇති කරන සුනඛයින්, බලලුන් එලුවන් ,කුඩා ගව පැටවුන් නිතර අතුරුදහන් වන බව ප්‍රදේශීවාසිහු වැඩි දුරටත් පෙන්වා දෙති.

අතුරුදහන් වු පුද්ගලයින් පිලිබඳව සොයා බැලීම සඳහා විශේෂ සෝදිසියක් අද දවස පුරා පැවැත්වේ.

 



අදහස් (0)

බලංගොඩ තවත් අයෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 799 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1210 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site