
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවෙසක් මිලට ගැනීමට එන බව හඟවා මහේස්ත්‍රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකා පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පිළියන්දල මඩපාත පින්නවල ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාට අයත් නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසේදී මෙම සිද්ධිය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි
දෙමහල් නිවස විකුණන බවට ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කර තිබූ දැන්වීමක් අනුව ගැනුම්කරුවකු සේ පැමිණි පුද්ගලයකු මෙම කොල්ලය සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම දැන්වීමේ පළකර තිබූ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තිබු කොල්ලකරු නිවස බැලීම සඳහා පැමිණෙන බවට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නිවස පෙන්වීම සඳහා මෝටර් රථයෙන් තනිව පැමිණ තිබූ බව පොලිසිය කියයි.
මෝටර් රථය නිවස ඉදිරිපිට නවතා මහේස්ත්‍රාත්වරයා දෙමහල් නිවසේ පහත මාලයේ ප්‍රධාන දොර විවෘත කර නිවසේ සෑම කොටසක්ම ඔහුට පෙන්වා ඇති අතර ඒ අතරතුර දී මහේස්ත්‍රාත්වරයා මෝටර් රථයේ යතුර නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි පැන්ටිය මත තබා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පසුව එම පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා සමඟ උඩුමහලට ගොස් එයද නරඹා මහේස්ත්‍රාත්වරයා උඩුමහලේ බැල්කනිය පෙන්වීම සඳහා එහි දොර විවෘත කර බැල්කනියට පිවිසීමත් සමගම කොල්ලකරු එම දොර වසා පහත මාලයට දිව ගොස් මුළුතැන් ගෙයි පැන්ටිය මත තිබූ මෝටර් රථයේ යතුර ගෙන එය පණ ගන්වාගෙන ඊයක වේගයෙන් පලා ගොස් ඇතැයි එම නිලධාරියා කීය.
අනතුරුව මහේස්ත්‍රාත්වරයා බැල්කනියෙන් පිටතට පැන පහත මහලට ප්‍රවිෂ්ට වී සිදුවූ සිද්ධිය ඥාතීන්ට දැනුම් දී අනතුරුව පොලිසිය වෙත සිද්ධිය දුරකතනයෙන් දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියා පැවසීය
එම සිද්ධිය සමගම පිලියන්දල පොලිසිය ,ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම නිවස වෙත පැමිණ විමර්ශන ආරම්භ කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මහේස්ත්‍රාත් කෙනෙකුටද ආරක්ෂාව නෙති තරම් රටේ නීතිය වලපල්ලට ගියේක ඉතාමත් බයානක තත්වයක් රජය ඉතාමත් වේගෙන් හා විමස්ලීමත්ව කටයුතු කර රටේ ආරක්ෂවා තහවුරු කිරීමට කඩිනමින් කටවුතු කල යුතුයි.
ඇයි යතුර පෑන්ටිය උඩින් තිබ්බේ?
යකෝ පුදුම හොරුනේ මුන්. මහේස්ත්‍රාත් ගේ වාහනෙත් කොල්ල කාලා. මේකා අල්ලගත්තොත් ඇප ගන්නවා බොරු.
මහේස්ත්‍රාත් තුමාට තමන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න තිබුණා.එතුමාගේ නිහතමානී කම අගය කරනවා. ඒත්, ජීවිත අවධානම ගැන මීට වඩා සිතීම වැදගත්.
ළංකාවෙ දැං තත්වෙ ඉතාම බයානකයි හැමදාම මංකොල්ල සහ මිනිමරුම්..මෙතුා 99 බෙරිල තියෙන්නෙ.