IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බෙලිඅත්ත වෙඩික්කරුවන් ඩුබායි හිදි අත්අඩංගුවට?

(කවීෂා ගරුසිංහ)

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

මෙලෙස අත්තඩංගුවට ගෙන ඇත්තේ එරට රාත්‍රී සමාජ ශාලාවක් තුළ ඇති වූ ගැටුමක් අතරතුර බවත් එහිදී ශ්‍රී ලාංකිකයින් 13 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් බෙලිඅත්ත පොලීසිය පවසයි.

මෙම 13 දෙනා, බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය මෙහෙයවූ බවට සැක කෙරෙන කොස්ගොඩ සුජීගේ සමීපතමයන් බව පැවසේ.

පොලීසියට ලැබුණු වැඩිදුරටත් විමර්ශන මඟින් හෙළිවී ඇත්තේ කොස්ගොඩ සුජී එම පිරිස මුදාගැනීමට මේ වන විට උත්සාහ කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යය තවමත් ලක් රජයට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නැති බව බෙලිඅත්ත පොලීසිය කියයි.



අදහස් (0)

බෙලිඅත්ත වෙඩික්කරුවන් ඩුබායි හිදි අත්අඩංගුවට?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site